කොළඹ නගර සභාවේත් එල් ටී ටී ඊ නිල ඇඳුම් !

කොළඹ නගර සභාවේ ආරක්ෂක භටයන්ට දී ඇත්තේ යපනේය නගරාධිපති එම නගර සභාවේ භටයන්ට දී ඇති නිල ඇඳුම බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

යාපනය නගර සභාවේ ආරක්ෂකයින්ට එල් ටී ටී ඊ පොලිසියේ නිල ඇඳුමට සමාන නිල ඇඳුම් ලබා දී ඇති බවට චෝදනා කරමින් යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අත් අඩංගුවට ගැනීම ගැන ඊයේ පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ඒ මහතා මේ බව පැවසී ය.

කොළඹ නගර සභාවේ මෙම නිල ඇඳුම කාලයක් තෙස්සේ භාවිත වෙයි. යාපනය නගර සභාව ද ඔවුන්ගේ ආරක්ෂක සේවා භටයින්ට මෙම නිල ඇඳුම ලබා දී තිබේ.

දැන් චෝදනා එල්ල වී ඇත්තේ එය එල් ටී ටී ඊ පොලිසියේ නිල ඇඳුමට සමාන බවට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *