ගෙනා පොල් තෙල් වැඩි මිලට විකුණු පසු ෆාම් තෙල් තහනම ඉවතට ?

සමාගම් කිහිපයක් විසින් දැනට රට තුළ ට ගෙන්වා ඇති පොල් තෙල් තොග අවුරුදු සමයේ වැඩි මිලට විකුනාගත් පසුව ෆාම් තෙල් ගෙන්වීම තහනම් කිරීමේ ගැසට් පත්‍රය රජය විසින් ඉවත්කර ගනු ඇතැයි විපක්ෂයේ ප්‍රබලයකු “යුක්තිය ” ට ප්‍රකාශ කළේ ය.

මෙම ගැසට් නිවේදනය ගැන තමන්ට ද වෙනස් මත ඇති බවට සහ එය සංශෝධනය විය හැකි බවට කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කළ ප්‍රකාශය ගැන අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කී ය.

මෙය ආණ්ඩුව පසුගිය වසරකට වැඩි කලක් තිස්සේ පෞද්ගලික ව්‍යාපාරිකයන්ට වාසි ලබා දීමට කළ නීති අවභාවිතයේ තවත් එක අවස්ථාවක් බව තමන්ගේ මතය යයි එම විපක්ෂ දේශපාලඥයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ව්‍යාපාරිකයන්ට වාසි ලබාදීමට ආණ්ඩුව පසුගිය වසරේ පොල් තෙල් සම්බන්ධ ගැසට් හයක් නිකුත් කළ බව යි. වරෙක බදු වැඩි කරමින්  සහ තවත් වරෙක බදු අඩු කරමින් ආණ්ඩුව ගැසට් ගැහුවේ ව්‍යාපාරිකයින්ට උපරිම ලාභ ලබා ගැනීමට බව ඒ මහත පෙන්වා දුන්නේ ය.

මේ මොහොතේ පිරමිඩ් විල්මා සමාගමට පමණක් ලැබෙන අතිරේක ලාභය ලක්ෂ 8000 කට වැඩි බව මන්ත්‍රීවරයා ගණන් හදා පෙන්වා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *