ෆාම් තෙල් ආනයන තහනමෙන් මාජරින් අපනයනයත් හාන්සියි !

ෆාම් තෙල් ආනයනය තහනම් කරමින් ආණ්ඩුව නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මෙරටට ෆාම් තෙල් ගෙන්වීම නතර කිරීමෙන් එම තෙල් යොදාගෙන මාජරින් නිපදවා  අපනයනය කිරීමේ දේශීය කර්මාන්තය සම්පුර්ණයෙන් කඩා වැටෙන බව හෙළිදරවු වෙයි.

මෙබඳු කර්මාන්ත ශාලා පනහකට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති අතර එම කර්මාන්ත ශාලා මගින්  දහස් ගණනකට රැකියා සපයා ඇති බව ද කියති.

පිරිසිදු නොකළ ෆාම් තෙල් මෙරටට ගෙන්වා පිරිසිදු කොට මාජරින් නිපදවා ඉන්දියාවට, මැද පෙරදිගට සහ ඇතැම් යුරෝපා රටවලට අපනයනය කිරීම මගීන්  විශාල විදේශ විනිමයක් උපයාගත හැකි ව තිබේ.

ෆාම් තෙල් ගෙන්වීම නැවැත්වීමෙන් මෙම කර්මාන්ත ශාලා වැසී  යාමත් සමග විශාල පිරිසකට රැකියා අහිමි වන අතර රටට තිබු විදේශ විනිමය ආදායම ද අහිමි වනු ඇතැයි කියති.

එමෙන් ම මෙම කර්මාන්ත මගින් දේශීය වෙළෙඳපොළට ද මිලෙන් අඩු මාජරීන් ලබා දී ඇත. එම මාජරීන් අහිමි වීමෙන් බේකරි නිෂ්පාදන මිල විශාල ලෙස  ඉහළ යන බව බේකරි හිමියන් දැනටමත් අනතුරු අඟවා ඇත.

දේශීය පාරිභෝගිකයාට ද මාජරීන් සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *