මහින්ද රාජපක්‍ෂ කියන්නේ ජාතිවාදීන්ට අවශ්‍ය කරන නායකයෙක් බව අද හොඳින් පෙනීයමින් තියෙනව – සම්මානලාභි සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ

Anurasiri Hettige - no - 1
මහින්දගෙ පරාජයේ වරද තමන් අතේමයි. ඒ තමයි ජාතිවාදය. ඒක ඔහුට අමතකවෙලා තියෙන එක තමයි පුදුමය. ඔහුට ජනතාව ඉගැන්වූ පාඩම අමතක වුනේ කොහොමද කියන එක හිතන්නවත් බැහැ. මහින්ද රාජපක්‍ෂ කියන්නේ ජාතිවාදීන්ට අවශ්‍ය කරන නායකයෙක්. ඒක අද හොඳින් පෙනීයමින් තියෙනව.

පසුගිය රජය නියෝජනය කළ, තමාගේ තනතුරේ තත්ත්වයට නොගැලපෙන වැඩ කිරීමට සුප‍්‍රසිද්ධ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වූ මර්වින් සිල්වා රූපවාහිනී සංස්ථාවට බලහත් කාරයෙන් ඇතුළු වෙනව. එසේ ඇතුළු වී සේවකයන්ට කරන ලද තර්ජනයක් හේතුවෙන් යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙනව. ඔබත් රූපවාහිනී සංස්ථාවේ සේවකයෙක්. එයින් පසු දිනක ඔබ නිවසේ සිට උදෑසන රාජකාරියට එන අතර තුර පහර කෑමකට ලක්වෙනව. සමහරවිට ඔබද අතුරු දහන්වූවන්ගේ ලැයිස්තුවට එක්කිරීමට උත්සහ ගත්තා ද විය හැකිය. ඒ සිදුවීම් පිළිබඳව කියනව නම්,

ඒ සිද්ධිය සිදුවුනේ මේ වගේම මාර්තු මාසයකදී තමයි. ඒ 2008 වසරෙදි.  රාජ්‍ය ආයතනයක් තුළට ඇවිත් රජයේ ඇමතිවරයෙක් වුවත් හැසිරියයුතු විදිහක් තියෙනව. ඔහුගේ ඒ අවිනීත හැසිරීමට විරුද්ධව සේවකයන්ගෙන් ලැබුණු ප‍්‍රථිචාරයක් විදිහටයි මම ඒ අවස්ථාව දකින්නෙ. වෘතීය සමිති නායකයෙක් විදිහට කටයුතු කරපු මට, ඒ අවස්ථාවෙදි සමහර කාරනාවලදි ඉදිරිපත් වී කටයුතු කිරීමට සිද්ධ වුනා. ඒකෙ ප‍්‍රතිඵලයක් හැටියට තමයි මම පහරකෑමකට ලක් වෙන්නෙ. මම ඒ සිද්ධිය දැන් අමතක කරල තියෙන්නෙ. ඒක පසුගිය රජයේ පාළන ක‍්‍රියාදාමය තුළ සිදු වූ සිදුවීම් වැලක එක් සිද්ධියක් තමයි.

පසුගිය නිදහස් දිනයේ දී ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගැයීම පිරිසකගේ අභිමානයටත්, සන්තෘෂ්ටියටත් හේතු වූ අතර තවත් පිරිසකට එය කම්පනයකට පත්වීමට හේතුවක් වුනා. එය ඔබට දැනෙන ආකාරය?

මීට කලින් සිදුවිය යුතු දෙයක් පහුවෙලා හරි සිද්ධ වුනා කියලයි මම දකින්නෙ. ජාතික ගීය කියන්නේ භාෂාව නියෝජනය කරමින්, භාෂාව පිළිබඳ අභිමානයක් ඇති කිරීම. ද්‍රවිඩ, මුස්ලිම් කියල බෙදීමක් නැතිව ලාංකිය කියන අදහස තමන්ගෙ සිත තුළ වැඩියෙන්ම වර්ධනය කරන්න පුළුවන් තමන්ගෙ භාෂාවෙන්. ‘‘සිංහල භාෂාවෙන්, ‘‘නමෝ නමෝ මාතා අප ශ‍්‍රී ලංකා’’ කියනකොට අනෙක් භාෂාවක් කතාකරන කෙනෙකුට එය දැනෙන්න විදිහක් නැහැ.
සිංහලෙන් ගායනා කරනකොට අපිට ලැබෙන හැ`ගීම, අප විඳින විදීම ඔවුන්ටත් ඇති කරන්නනම්, ඒක ඔවුන්ගේ භාෂාවෙන් ගායනා කරන්න  ඕනෙ. ඒක යහ පාළන රජය සහජීවනය සඳහා ගත් හොඳ පියවරක් විදිහටයි මම සලකන්නෙ. නිදහසින් පසු ගෙවිලා ගිය අවුරුදු හැට ගණනක් තිස්සේ අප අත්දැකපු කණගාටුදායක සිදුවීම් තියෙනව. වාහන අංක තහඩුවෙන් (වාහන ලියාපදිංචි කිරීමෙදී * ශ‍්‍රී අකුර එකතු කිරීම, පළාත් සභා පිහිටුවීමේදී දකුණේ සිංහල ජනතාව විරුද්ධ වීම වැනි වටිනාකමක් නැති කාරණා නිසයි අපි දෙගොල්ල ගැටුම් ඇති කරගෙන තියෙන්නෙ. ඒවා අද කිසිම වැදගත් කමක් නැති කරුණු. අද පළාත් සභාව යහතින් තියෙනව. ශ‍්‍රී අකුරට මොකද වුනේ? අද වාහන ලියාපදිංචියට භාවිතා කරන ඉංග‍්‍රීසි අක්‍ෂර. නමුත් මේ නිසා ජීවිත කීයක් විනාශ වුනාද?

මේ අවස්ථාවේදී ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කරන්න ගත්ත එක ඉතාමත් ඉදිරිගාමී පියවරක් ලෙසයි මම දකින්නෙ. දෙමළ ජනතාවටත් දැන් වගකීමක් තියෙනව එක රටක් ගැන චින්තනයකින් යුතුව වැඩ කරන්න. ඒක යහපත් ප‍්‍රවනතාවක් ලෙසයි මම දකින්නෙ. ද්‍රවිඩ ජනතාවට සිංහල ජාතිය කෙරෙහි අලූත් ඇහැකින් බලන්න දුන්න අවස්ථාවක් ලෙසයි මම දකින්නෙ. මේ ජාතීන් දෙක අතර අරලගලයට ප‍්‍රධාන හේතුව වෙලා තිබුනෙ අවිශ්වාසයයි.ඒ අවිස්වාසය පැවතීමට තිබුණ එක බාදාවක් ඉවත් වුනා කියලයි මම දකින්නෙ. මම හිතනව මේක හොඳ පියවරක් කියල.

හිටපු ජනාධිපතිතුමාත්, පැවතී මහින්ද රාජපක්‍ෂ රජයත් ජනතාව විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබුවේ යහපාලන රජය කෙරෙහි විශාල බලාපොරොත්තුවක් ඇතුව. ඒ වගේම පසුගිය මැතිවරණ ව්‍යාපාර දෙකේදීම යහපාලන කණ්ඩායම ජනතාව කෙරේ විශාල වශයෙන් පොරොන්දු දීල තමයි යහපාළන රජයත්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්ත පත්කරගත්තේ. ඒ බලාපොරොත්තු මේ වනවිට ඉටු කරල තියෙනවද? ඉදිරියට ඉටුකරයි කියන විශ්වාසයක් තියෙන්න පුලූවන්ද?

මම හිතන්නෙ අපි වගේ රටවල් (මම මෙහිදි අපි වගේ රටවල් කියල කිව්වෙ බටහිර රටවල්වලට සාපේක්‍ෂවයි* වල තියෙන සංස්කෘතික බැඳීම්  බාදාවක් හැටියට තමයි ක‍්‍රියාත්මක වෙන්නෙ. ඡුන්ද කාලවලදී අපේ අපේක්‍ෂා ඉහළ යනව පොරොන්දු මත. මම දේශපාලන පක්‍ෂයක් තෝරාගන්නේ, ඊට සහයෝගය පිණිස කටයුතු කරන්නෙ පොරොන්දු මත නෙමයි. දේශපාලන වශයෙන් ගත යුතු හරි තීන්දුව ගැනීමටයි උත්සුක වෙන්නෙ. රැුකියා ප‍්‍රශ්නය විසඳීම්, බඩුමිල අඩුකිරීමේ වගේ දේවල් මගේ න්‍යායපත‍්‍රයේ නැහැ. ඡුන්දය දීම සඳහා මම පක්‍ෂයක් තෝරා ගැනීමේ දී එක නැහැ. නමුත් ඊට වැඩිය දුර ගිය දැක්මක් එක්ක තමයි මම මගේ ඡුන්දය පාවිච්චි කරන්නෙ. යහපාලන රජයට ඡුන්දය පාවිච්චි කිරීම ගැන මගේ පසුතැවීමක්, කනගාටුවක් නැහැ.

රජය වැඩ කරගෙන යන ආකාරය සහ විශේෂයෙන්ම ජාතික ගැටලූව සම්බන්ධයෙන් අනුගමනය කරන පියවරයන් ඉතාම සාධනීය පියවරයන්.  කොයි ආණ්ඩුව තිබුණත් බඩු මිල ඉහළ පහළ යනව. පසුගිය දවස්වල තක්කාලි කිලෝව රුපියල් අට සීයකට විතර ගියා. දැන් තක්කාලි මිල බැහැල විකුණගන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. එවැනි කාරණා මත රජයක හැකියාව, නොහැකියාව මනින්න බැහැ. කාලගුණය, ඍතු භේදය ආණ්ඩුවක් වෙනස් කිරීම සඳහා හේතුවක් කරගන්න බැහැ. ඒ නිසා යහපාළනය ගෙන ඒමට ඡුන්දය පාවිච්චි කිරීම ගැන කණගාටුවක් මට තවම ඇති වෙලා නැහැ.

මේ හැමහින්ද රාජපක්‍ෂ පරාජය වීමට ප‍්‍රධාන හේතුවක් වුනේ ජාතිවාදීව කටයුතු කිරීම බව විචාරකයන් කියනව. නමුත් ඔහු අදටත් දේශපාලන වශයෙන් ඉදිරියට යන්න හදන්නේ ජාතිවාදී දේශපාලන න්‍යායපත‍්‍රයක් මත තම දේශපාලන කටයුතු කරන මහින්ද රාජපක්‍ෂ ඇතුලූ නඩයට යළිත් බලයට පත්වීකියාවක් තියනව කියල ඔබ හිතනවද?

අපේ පැරණි දේශපාලඥයන් හිතුවේ ජනතාව මෝඩයි කියල. ජනතාව මෝඩයන්ට අන්දන්න පුළුවන් එක් කරුණක් තමයි මේ ජාතිවාත්ශල්‍යය, ජාතිපේ‍්‍රමය වගේ මාතෘකා. මහින්ද රාජපක්‍ෂගෙ පරාජයට අතිශයින් බලපෑවෙ මේ ජාතිවාදය සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරන ලද ක‍්‍රියාමාර්ගයි. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට එරෙහිව දැක් වූ ක‍්‍රියාමාර්ග,

මේ රටේ ස්ථාවරභාවයක් ඇති කිරීමට හොඳව අවස්ථාවක් ලැබුණු නායකයා තමයි මහින්ද රාජපක්‍ෂ කියල කියන්නෙ. ඔහු විවිධ මිත්‍යා විශ්වාසයන් කෙරෙහි බැඳිල, දැඩි නොසැලකිලිමත් භාවයකින් තමයි කටයුතු කරල තමන්ට ලැබුණු අවස්ථාව නැතිකර ගත්ත. තමන්ට අවුරුදු හයේ ඒවා දෙකක් ඉන්න අවස්ථාව තිබුණත් අවුරුදු නමයකින් රටේ ඉහළම තනතුර දාලා ඔහුට යන්න සිද්ධ වෙනව. ඒ වරද තමන් අතේමයි. ඒ තමයි ජාතිවාදය. ඒක ඔහුට අමතකවෙලා තියෙන එක තමයි මට තියෙන පුදුමය. ඔහුට ජනතාව ඉගැන්වූ පාඩම අමතක වුනේ කොහොමද කියන එක හිතන්නවත් බැහැ. ඔහු තාමත් විශ්වාස කරනව ඇති, සිංහල, බෞද්ධ ජනතාව ජාතිවාදි මතවල ඉන්නව. ඒ හින්ද ඉදිරියේදී ඔහුට ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් වෙයි කියල හිතන් ඉන්නව ඇති. නිසැකවම ඔහුට ආයෙත් මහින්දට වරදිනව. ඊළ`ග ඡුන්දෙකදි ඔහුට තේරෙයි ‘‘මට ආයෙත් වැරදුනා නේද?’’ කියල. මහින්ද රාජපක්‍ෂ කියන්නේ ජාතිවාදීන්ට අවශ්‍ය කරන නායකයෙක්. ඒක අද හොඳින් පෙනීයමින් තියෙනව. ජාතිවාදීන් කියන්නේ ලංකාවෙ ජනතාවගෙන් 40% කටත් අඩු ප‍්‍රමාණයක්.  මම හිතන්නෙ නැවතත් ඔහුට වරදිනව.

මහාචාර්ය සරත් විජේසූරිය මෑතකදී ප‍්‍රකාශයක් කර තිබුණා යහපාළන රජයෙත් ජැක් සන් ලා ඉන්නව කියල. එහෙම තත්ත්වයක් උදාවෙලා තියෙනවද? එහෙම එහෙයින් පිරිසක් යහපාළනයට උදව් කරපු කලාකරුවන් අතර ඉන්නවද?

ඉන්නව. යහපාළන ආණ්ඩුව පත්කර ගැනීමට පෙර, ඒ කියන්නේ 2015 ජනවාරි 8 වෙනිදට පෙර මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති කිරීමට හිටපු කලාකරුවො සහ ජනවාරි 8 න් පසු ඔහු වටා ඉන්න කලාකරුවො දෙගොල්ලම එකම කණ්ඩායමක් ද?

මම උදාහරණයක් විදිහට කියන්නම්, පුරවැසිබලය ප‍්‍රධාන රැුස්වීම හයිඞ්පාර්ක් පිටියෙ තියන්න තීරණය කරපුවම සාහිත්‍යකරුවො හිටියෙ නෑ වේදිකාවට නගින්න. ගාමිණි වියන්ගොඩ මහත්තය මගෙන් ඇහුවම මම කිව්ව මගෙ නම පාවිච්චි කරන්න කියල. මම රජයේ සේවකයෙක් වෙලා හිටියත් මගේ නම පාවිච්චිකෙරුව. මම ඇරුණකොට කැතලින් ජයවර්ධන පමණයි සාහිත්‍යකරුවන් වශයෙන් හිටියෙ ඒ වේදිකාවට නගින්න. නමුත් අද කීදෙනෙක් ඉන්නවද? ඒක මේ රටේ හැටි. මහින්ද රාජපක්‍ෂගෙ කාලේ කඬේ ගියා කියල පිරිසක් හිටිය නම් මේ රජයෙත් ඉන්න පුළුවන්. නමුත් අපි එකතු වුනේ කඬේ යාමේ අරමුණෙන් නෙමයි. පක්‍ෂයක්, අරමුණක් වෙනුවෙන්. කඬේ යාම කරලත් නැහැ. කරන්නෙත් නැහැ. එහෙම කරන පිරිසක් ඉන්නව. දේශපාලඥයො ඒ අයට වැඩියෙන් කැමතියි. අපි නිතරම ආණ්ඩුවට විවේචනාත්මක සහයක් දෙනව. විවේචනය කිරීමේ අයිතිය අපි තියාගෙන තමයි ආණ්ඩුවට සහයෝගය දෙන්නෙ. අපි වරප‍්‍රසාද ලබාගන්නෙ නෑ.

මහින්ද රාජපක්‍ෂගෙන් වරප‍්‍රසාද ගත්ත කොටසම නැතත්, එයින් යම් ප‍්‍රමාණයක්  මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙනුත්, යහපාලන රජයෙනුත් වරප‍්‍රසාද ගන්නව. උදාහරණයක් හැටියට කියනව නම්, මම දන්නව මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා වශෙන් පත්වුනාට පසුවත් ඔහුට විරුද්ධව වැඩසටහන් මෙහෙයවපු මාධ්‍යවේදියෙක් අද ඔහුගේ මාධ්‍ය උපදේශකවරයෙක්, මාධ්‍ය අධ්‍යක්‍ෂකවරයෙක් වශයෙන් කටයුතු කරනව. ඔවුන් ආයතන තුළට ඇවිල්ලා මෛත‍්‍රීපාලට විරුද්ධව වැඩසටහන් මෙහෙයවද්දි ඒවට විරුද්ධ වුන අපි තාමත් ඉන්නෙ එතනමයි.

ජාතික කලාමණ්ඩලය අයත්ව තිබුණෙ සංස්කෘතික දෙපාර්තමේන්තුවට. දැන් ඒක අධ්‍යාපන දෙපාර්ත මේන්තුව යටතට පත්වෙලා තියෙනව. මෙවර රාජ්‍ය උළෙලේ මූලික වටයන් පැවැත්වුයේ, ජාතික කලා මණ්ඩලයේ නාට්‍ය අනුමණ්ඩලය සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත්ව තියෙද්දි. මේ දිනවල එම නාට්‍ය අවසාන විනිශ්චයන් සඳහා ප‍්‍රදර්ශනය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික කලා මණ්ඩලයේ, නාට්‍ය අනුමණ්ඩලයෙන්. ලබන වසර රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍ය ඉදිරිපත් කරන ලෙස නාට්‍යකරුවන්ට දැනුම්දෙන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන්. අධ්‍යාපන ආමාත්‍යංශයට අයත් නාට්‍ය අනුමණ්ඩලය කියනව. ඔවුන් කියනව ලබන වසරේ මේ කටයුත්ත සම්පූර්ණයෙන්ම කරන්නේ ඔවුන් කියල. එවිට අදාල වසරේ හොඳම රාජ්‍ය සම්මානය ලෙස වලං`ගුභාවයක් ලැබෙන්නේ කුමන මණ්ලයක් විසින් දෙනු ලබන රාජ්‍ය සම්මානයටද?

ඒක බරපතල කාරණයක්. සාහිත්‍යකරුවන් විදිහට අපිත් ඉන්නේ දැන් ඔය ගැන කථිකාවතක යෙදිල. මේ පිළිබඳව රජයේ අවධානය යොමු කළ යුතුයි. සංස්කෘතික අමාත්‍යාංශය එක්දහස් නමසිය පණස්ගණන්වල පිහිටෙවුවට පස්සෙ එදා සිට කලා උළෙල මෙහෙවුවෙ සංස්කෘතික අමාත්‍යාංශය. මෑතක සිට සංස්කෘතික අමාත්‍යාංශයට අයත්් විෂයයක් අමාත්‍යංශ දෙකක් අතර බෙදල තියෙනව. මේ දෙකටම අනුමණ්ඩල තියෙනව. මෙය බරපතල ගැටුම්කාරී තත්ත්වයක්.

ලේඛකයෙක් හැටියට මම ලංකා ලේඛක සංවිධානයේ සාමාජිකයෙක් මෙන්ම එහි සංවිධායකවරයෙක්. අපේ සංවිධානයේ ලේකම් කමල් පෙරේරා මහත්මයා, සභාපති ටෙනිසන් පෙරේරා මහතා, සහ මම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම් කෙනෙක්ව හමුවෙලා  සාහිත්‍ය සම්බන්ධයෙන් කතා කරන්න ගියහම කිව්වෙ, ‘‘අපිට සාහිත්‍ය ගැන කතා කරන්න වෙලාවක් නැහැ’’ කියල. ‘‘අපිට අභ්‍යන්තර කටයුතු තියෙනව, අපිට මහා මාර්ග තියෙනව, අපිට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ වැඩ තියෙනව. අපිට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙ වැඩ තියෙනව. සංස්කෘතිය අපිට ඊට පසු කාරණයක්’’ කියලයි කිව්වෙ. එහෙම තත්ත්වයකට සංස්කෘතික අමාත්‍යංශය පත්වීම බරපතල ඛේදවාචකයක ලක්‍ෂණයක්. මම හිතනව මේ තර්කය අගමැතිතුමාගේ සහ ජනාධිපතිතුමාගේ අවධානයට ලක්විය යුතුයි කියල. ඉදිරියේදී අපි ලේඛකයන් හැටියට ලේඛක සංවිධාන සියල්ලම එකතුකරගෙන රජයට බලපෑම් කිරීමේ කණ්ඩායමක් විදිහට කටයුතු කරනව. අපි උත්සාහ කරමින් ඉන්නව. අනෙකුත් බහුජන සංවිධානත් එකතුකර ගැනීමට.

සංස්කෘතියට අදාල විෂයයන් අමාත්‍යාංශ දෙක තුනකට කඩල කරල තියෙන්නෙ අවුලක්. උදාහරණයක් හැටියට 2016 සාහිත්‍ය උත්සවයට සංස්කෘතික දෙපාර්තමේන්තුවත්, අද්‍යාපන අමාත්‍යාංශයත් යන දෙකම පොත් ඉල්ලනව. වෙනදට රාජ්‍ය ලේඛන ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙ තියෙන අමතර පිටපත තමයි රාජ්‍ය සම්මානය සඳහා  තේරීම් මණ්ඩලවලට දෙන්නෙ. (සියලූම මුද්‍රිත ලේඛනයන්ගෙන් පිටපත් 5 ක් මුද්‍රණකරු විසින් ලේඛනාරක්‍ෂාක දෙපාර්තමේන්තුවට බාර දිය යුතුයි* එත කොට ඒ අමතර පිටපත එක් ආයතනයක් ගත්තොත් අනෙක් ආයතනයට ගන්න පිටපතක් එතන නැහැ.

මම පැහැදිලිවම ඉල්ලා සිටිනව සංස්කෘතිය භාර එස්.බී. නාවින්න ඇමතිතුමාගෙන් හා අධ්‍යාපනය බාර අකිල විරාජ් ඇමතිතුමාගෙත් ‘‘ඔබලා දෙන්නා එක තැනක ඉඳලා කතා කරල මේ ප‍්‍රශ්නය විසඳල දෙන්න’’ කියල. මේක බරපතල කාරණයක් සංස්කෘතිය එහෙම අයාලේ යන්න දෙන්න බැහැ. ලේඛකයන්ගෙන්, සාහිත්‍යකරුවන්ගෙන් පොත් ඉල්ලනව නම් ‘‘සම්මාන දෙන්න උඹලගෙ පොත් දීපල්ල’’ කියල ඒක හාස්‍යජනක කරුණක්. රජයක වගකීමක් පසුගිය වසරේ නිකුත් වූ පොත්  රැුස්කරගෙන ඒවා අදාල සුදුසුකම් ඇති විනිශ්චය මණ්ඩලයකින් තෝරාගෙන, සුදුසු කෘතීන්ට සම්මාන දීම. දැන් මේ වෙන්න යන්නෙ කුමක්ද? අද මේ වනතුරුත් මේ ප‍්‍රශ්නය විසඳිලා නැහැ. ලේඛකයන් පමණක් නොව අනෙක් කලාකරුවන්ද එකතුවෙලා මේ ප‍්‍රශ්නයට විසඳුමක් ඉක්මනින් ලබාගත යුතුයි. නැත්නම් විකල්ප ක‍්‍රියාමාර්ගයන්ට ලේඛකයන්ටත් යන්න වෙයි කියල මම විශ්වාස කරනව.
රජයට බලපෑමක් කරන්න තරම් ලේඛකයන් ගේ එකමුතුවක් තියෙනවද? එහෙම බලපෑමක් ඇතිකරන්න කණ්ඩායමක් එකතුකර ගැනීමේ හැකියාවක් තියෙනවද?

සංවිධාන වශයෙන් හුදකලාවෙච්ච ලේ්ඛක සංවිධාන කිහිපයක් තියෙනව. ඒවා අපි එකතැනකට ගෙන්වන්න උත්සහ කරනව. මීට පෙරත් එහෙම උත්සාහයක් තිබිල අපි හැදුවා ‘‘ලේඛකයන්ගේ ජාතික සංවිධානය’’ කියල සංවිධානයක්. ඒකෙ මූලස්ථානය සංස්කෘතික අමාත්‍යාංශය. ඒක මතක් කරන්න සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයකු හමුවුනාම තමයි ’’සංස්කෘතිය ගැන වැඩකරන්න වේලාවක් නෑ’’ වගේ උත්තරයක් ලැබෙන්නෙ. එතකොට අපිට ඒ සංවිධානය අයින් කරන්න සිද්ධ වෙනව. අපි ලේඛකයන් කැඳවල, නිලධාරි මණ්ඩලයක් පත්කරල, දිස්ත‍්‍රික් මට්ටමින් ක‍්‍රියාකාරීන් පත්කරල පිහිටවපු සංවිධානය පිළිගන්න සංස්කෘතික දෙපාර්තමේන්තුව කැමති නැහැ.
සංස්කෘතික අමාත්‍යාංශ්‍ය විසින් එයට රැුස්වීම් පවත්වන්න ස්ථානයක් වෙන් කරල තිබුණ. ලේඛකයන් සංවිධානය කරන කලා කටයුතුවලදී දෙපාර්තමේන්තුවෙන් දායකත්වයක් දුන්න. අපිට ප‍්‍රවාහන පහසුකම් දුන්න. ඒ සියල්ල දැන් නතර කරල තියෙන්නෙ. ඒ නිසා දැන් සිද්ධවෙලා තියෙනව අලූත් සංවිධානයක් පිහිටුවන්න. ඒ ක‍්‍රියාමාර්ග අපි ගනිමින් ඉන්නව. එය අපේ වගකීමක් ලෙස සලකල ඉදිරි කටයුතු කරගෙන යනව.

නාට්‍ය කරුවන්ට, ප‍්‍රාසාංගික කලාකරුවන්ට, ඔවුන්ගේ පුහුණුවීම් කරන්න, දර්ශන පවත්වන්න කොළඹ නගරය තුළ, රජයේ මෙන්ම පුද්ගලික අංශයේ බොහෝ ස්ථාන තියෙනව. සුදර්ශි සාලාව, ටවර් ර`ගහල, සාදාගෙන යනු ලබන එල්පිස්ටන් ර`ගහල, ජෝන් ද සිල්වා සමරු ර`ගහල, ලයනල්වෙන්ඞ් ර`ගහල, පළාත් සභා සංස්කෘතික මධ්‍යස්ථානය, නෙලූම් පොකුණ වගේ තවත් නොයෙක් ස්ථාන තියෙනව. ලේඛක ලේඛිකාවන්ට එකට හමුවෙලා කතාකරන්නවත් එහෙම ස්ථානයක් නැහැ නේද?

ලේඛකයන් වෙනුවෙන් ස්ථානයක් හැදීමේ කථිකාවතක් කාලයක් තිසේසේ තියෙනව. රජය පැත්තෙනුත් ඒ වගේ අදහස් ඇවිත් තියෙව. ඒවා ක‍්‍රියාත්මක තත්ත්වට පත්වෙලා නැහැ. නමුත් අපි ඒවා ඉවසගෙන හිටිය, රජය විසින් සෙසු සංස්කෘතික කටයුතුවලට දක්වන දායකත්වය පිළිබඳව අපි තෘප්තිමත්භාවයක සිටිය නිසා. දැන් ඒවත් නැති වේගෙන යන්නෙ. එහෙම වෙන්නෙ අපි ගණන් නොගත හැකි පිරිසක් කියල තීන්දු කරල නම්, අපිට සිද්ධ වෙනව අපේ බලය පෙන්වන්න. අපි ඒක අනාගතයට බාර දීල බලමු මොකද වෙන්නෙ කියල. අපි සංස්කෘතික අමාත්‍යංශයටත්, අධ්‍යාපන අමාත්‍යාංශයටත් ආයචනාත්මකව දැනුම් දෙනව, ’’ලේඛකයන්ව පාරට බස්සන තැනට ඉඩ තියන්න එපා’’ කියල.

පුස්තකාල සේවා මණ්ඩලය සතු දේශන ශාලාව ලේඛකයන්ගේ පොත් එළිදැක්වීම් සඳහා රුපියල් 4000/කට ලබාගන්න පුළුවන්කම තිබුණ. ඒක දැන් 6500/- දක්වා වැඩි කරල. එහි සභාපති ප‍්‍රවීන ලේඛකයකු වන ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහතා. මේක බාර අධ්‍යාපන ඇමතිතුමාට. අපි එතුමාටත් කියනව, අපි ලේඛකයන් අත්සන්කර ඇති ඉල්ලීමත් එතුමාට බාර දෙනව. අපි එයින් ඉල්ලන්නේ කලින් තිබුණ රු.4000/- සීමාවේ එම ගාස්තුව තියන්න කියල.
ලේඛකයකුගේ පොතක් එළිදැක්වීමකට පොත් ප‍්‍රකාශකයන් වියදම් කරන්නෙ නැහැ. එම වියදම දැරිය යුත්තේ ලේඛකයන් විසින්මයි. ලේඛකයන්ට පොතක් එළිදැක්වීමකට රුපියල් විසිතිස්දාහක මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනව නම් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. අපි ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනව ලේඛකයන්ට පුස්තකාල සේවා මණ්ඩලයෙන් ලබාදුන්න පහසුකම් නැති කරන්න එපා කියල.

සාකච්ඡුා කළේ – මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *