රැකියා විරහිතබවේ බෝම්බය – සමාජ විද්‍යා සම්මාන මහාචාර්ය අශෝක් බාසු

ලෝකය පුරා දේශපාලන නායකයන් පරිස්සම් විය යුතුය. ඔබගේ දේශපාලන ක‍්‍රමය කුමක් වුවද අද ඔබගේ රටවල සිටින රැුකියා විරහිත හා ඌන රැුකියා නියුක්ත තරුණයන් ඔබගේ නීත්‍යනුකූල ආවරණ අවුල් කර ඔබගේ බලය ලබා ගැනීමට හැකි විනාශකාරී බලවේගයක් බවට පත්ව ඇත. පාසල් හැරගිය හා විශ්ව විද්‍යාලවලින් උපාධි ලැබූ නමුත් තමන්ගේ ආණ්ඩු විසින් නොතකා හරිනු ලැබ ඇති නිසා කලකිරීමෙන් සිටින තරුණ පිරිමි හා ගැහැණු මෙම තත්ත්වයේ සිටිති. ඔවුන් බොහෝ දෙනකුට සම්පූර්ණ පුරවැසිභාවය හා ආර්ථික වශයෙන් ඉහළ නැගීමේ අවස්ථාව අහිමි කරනු ලැබ ඇත.

මෙම තරුණ ජනයා කවරහුද? එක්සත් ජාතීන්ගේ ආයතනයක් වන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (අයි.එල්. ඕ* සංඛ්‍යා ලේඛන අනුව 2010  වනවිට ලොවපුරා රැුකියා විරහිතව සිටි ජනගහනය මිලියන 75.1කි. එම සංඛ්‍යාව  තවත් වැඩිවෙමින් පවතී. ජීවිතය ඉක්මනින් ආරම්භ කරනවා වෙනුවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය කියන්නේ  මෙම තරුණයන් රැුකියා විරහිතවීමේ අවස්ථා ගණන වැඩිහිටියකුගේ මෙන් තුන් ගුණයක් වන බවයි. ඔවුන්ගේ වාර්තාවෙන් කියන්නේ මෙම නොතකා හරින ලද පරම්පරාව දරුණු රැුකියා විරහිතබවින් වැඩි වැඩියෙන් අක‍්‍රියවීම සහ දියුණු රවටල පහත් රැුකියාවල මෙන්ම සංවර්ධනය වන රටවල දිගින් දිගටම  පවතින ඉහළ දරිද්‍රතාව යන අනතුරුදායක මිශ‍්‍රණයට මුහුණ දී සිටින බවයි.
ලෝකයේ ඌන සංවර්ධිත රටවලදී මෙම තත්ත්වය වඩාත් දරුණුය. මෙම රටවල රැුකියා විරහිත ජනගහනයෙන් සියයට 80කට ආසන්න ප‍්‍රමාණයක් වයස අවුරුදු 15 සහ 25 අතරය. ඔවුන්ගෙන් තුනෙන් එකකට ඇත්තේ වසර දහයක හෝ ඊට අඩු පාසල් අධ්‍යාපනයකි.

එමෙන්ම මෙම රටවල රැුකියා විරහිත තරුණයන් හා රැුකියා විරහිත වැඩිහිටියන් අතර අනුපාතයද වර්ධනය වෙමින් පවතී. උදාහරණයක් ලෙස මේ වනවිට තායිලන්තයේ රැුකියා විරහිත වැඩිහිටියකුට රැුකියා විරහිත තරුණයෝ 6:1 ක් සිටිති. ඉන්දුනීිසියාවේදී එම ප‍්‍රතිශතය 5.6ට 1කි. ගැහැණු ළමයින්ගේ තත්ත්වය පිරිමි ළමයින්ට වඩා නරකය. ලෝක කම්කරු සංවිධානයේ වාර්තාව කියන්නේ හොඳ රැුකියා සොයන තරුණියන්ට තරුණවීම හා ස්ත‍්‍රීවීම වශයන් ද්විත්ව අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

සමාජ විද්‍යාඥයකු වන රොබර්ට් සෝලෝ කියන්නේ රැුකියා වෙළඳපොළ  සමාජ ආයතනයක් බවයි. ඔහු කියන්නේ රැුකියා ලැබීම හා එය අහිිමිවීම සිදුවන්නේ පොත් පත්වල සඳහන් ක‍්‍රම හා ආකෘති අනුව නොවන බවයි. සමාජ විද්‍යාඥයන් කියන්නේ  රැුකියා විරහිතභාවය වැඩියෙන් පවතින්නේ සුළුතර ජන වර්ග, නාගරික දුප්පතුන් හා ස්ත‍්‍රීන් අතර බවයි. ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානයේ ( ඕ.ඊ.සී.ඞී.* අධ්‍යයනයකට අනුව සොයාගෙන ඇත්තේ රැුකියා විරහිතභාවය විසින්ම රැුකියා විරහිතභාව ඇතිකිරීමක්ද සිදුවන බවයි. සමාජ විද්‍යාඥ මීරා කොමොරොව්ස්කි කියන්නේ එය ‘ගුරුකිරීමේ බලපෑමක්’ බවයි. වෙනත් වචනවලින් කියන්නේනම් රැුකියා වියුක්තිව සිටීම ගැන ආකල්ප ගතවන මාසයක් අවුරුද්දක් ගණනේ වෙනස්වන අතර කල් ගතවනවිට වැඩෙන්නේ බලාපොරොත්තු භංගත්වය පිළිබඳ හැඟීමයි.

බටහිරදී වඩාත් කොන්වී සිටින්නේ සුළුතර ජනවර්ගවලට අයත් තරුණයන්ය. පශ්චාත් කාර්මික සමාජවල අවශ්‍යතා හැසිරීමට අවශ්‍ය විග‍්‍රහ කර ගැනීමේ කුසලතා ඔවුන් සතුව නැත. බටහිර දියුණු රටවලට අලූතින් පැමිණ සිටින සංක‍්‍රමණිකයන්ට මෙම තත්ත්වය වඩාත් අදාළය. නෙදර්ලන්තයේ රැුකියා විරහිත තරුණයන් පිළිබඳව දත්ත මගින් මෙය වඩාත් හොඳින් තහවුරු වෙයි. තුර්කියෙන් (+13%* මොරොක්කෝවෙන් (+51%* සුරිනාම් (+41%* හා ඇන්ටිලේස් (+75%*  ක් වශයෙන් රැුකියා විරහිත ප‍්‍රමාණය වැඩිවෙයි.

එක්සත් ජනපදයේ කම්කරු බියුරෝවේ 2016 ජනවාරි දත්ත අනුව එරට රැුකියා විරහිතභාවය සියයට 4 ක් වුවද අප‍්‍රිකානු ඇමෙරිකානුවන් අතර එම සංඛ්‍යාව සුදු ජාතිකයන්ගේ මෙන් දෙගුණයකි. එමෙන්ම එම තත්ත්වය පසුගිය දශක හයක් තිස්සේ පැවතී ඇත. ජනවාර්ගික බෙදීමේ  හේතුව ලෙස අධ්‍යාපන මට්ටම හඳුනාගත හැකිය. 2014 දී සමස්ත රැුකියා විරහිත ප‍්‍රතිශතය සියයට 5ක් වූ නමුත් උසස් පාසල් ඩිප්ලෝමා අවසන් නොකළ අය අතර රැුකියා විරහිත භාවය සියයට 9කි.

1895  තරම් ඈත කාලයේදී ප‍්‍රංශ සමාජ විද්‍යාඥයකු  ගුස්ටාව් ලී බොන් ප‍්‍රකාශ කළේ කුඩා, විකෘති හා මුළාවෙන් මිදුණු තරුණ කණ්ඩායම් ආරම්භ කරන සාමූහික විරෝධතා මගින් යුක්තිගරුක සමාජ පිළිගැනීම් අනතුරට ලක් කරන බවයි. රැුකියා විරහිතයන් අතරින් පැනනැගී වැඩෙන මෙම නව ව්‍යාපාර මගින් නිතරම පාහේ සිදුවන්නේ ඒවා වර්ධනයත් සමඟම ක‍්‍රීඩාවේ නීතියද තීරණය කිරීමය. එසේ වුවද මෙම අරමුණක් නැති තරුණයන් යම් අවස්ථාවකදී තීරක බලවේගය බවට පත්විය හැකිය. කලකිරීම පුපුරායන්නේ එවිටය.

ජාතීන් හා සංස්කෘතීන්ගේ පවතින වෙනස්කම් නිසා විරෝධතා ව්‍යාපාරවල නැඟීමට හේතුවන සුවිශේෂ කාරණා පිළිබඳව ගෝලීය සාමාන්‍යකරණයක්  කිරීමට සමාජ විද්‍යඥයෝ ඉදිරිපත් නොවෙති. එසේ වුවද සාමූහික ව්‍යාපාර තුළ ස්වයං අනන්‍යතා ගිලෙන ආකාරය පිළිබඳ පොදු තේමාවක් ඔවුන්ට හමුවී ඇත. වෙනසක් ගැන නැතහොත් විප්ලවයක් ගැන පවා කතාකරන නායකයන්ට මෙහෙයවා ගත හැකි වඩාත් අනතුරුදායක පරමාදර්ශවාදීන් බවට පත්විය හැක්කේ මෙම තරුණ පිරිසයි.

‘බොකෝ හරාම්’ ගැන බලන්න. එහි නම හවුසා විසින් දළ වශයෙන් පරිවර්තනය කර ඇත්තේ ‘බටහිර අධ්‍යාපනය විනාශයකි’ වශයෙනි. මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම සමන්විත වන්නේ නයිජීරියාවෙන් හා ඊට යාබද රටවල් වන බෙනින්, ටැඞ් සහ නයිජර්යාවෙන් බඳවා ගන්නා ලද සන්නද්ධ තරුණයන්ගේ (සහ ස්ත‍්‍රීන්ගේත්* කලකිරුණු කණ්ඩායමකිනි. මුලදී ආකර්ෂණීය පූජකවරුන් විසින් සංවිධානය කරන ලද බොකෝ හරාම් කණ්ඩායම 2014දී පමණක් 7000කට වැඩි අහිංසක පුරවැසියන් ඝාතනය කොට ඇති බව ගෝලීය ත‍්‍රස්තවාදී දර්ශකය මගින් ගණන් බලා ඇත. ටියුනීසියාව තවත් එබඳු ස්ථානයකි. ටියුනීසියාවේ උසස් අධ්‍යාපනය  හැදෑරුවන්ගෙන් සියයට 50කට රැුකියා නොමැති බවට ගණන් බලා ඇත. ත‍්‍රස්තවාදයට විසඳුම රැුකියා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. ඇත්තෙන්ම ග ඕවුස්, සයිරේ සහ යගෝබී (2012*  කියන්නේ ටියුනීසියාවේ රැුකියා නිෂ්පාදනය නොවීමට වගකිව යුත්තේ  ඵලදායී ජීවනෝපාය සහ වෙළඳපොළ ඉල්ලූම අතර ඇති විශාල නොගැළපීම නොතකා හැර ඇති අකාර්යක්ෂම අධ්‍යාපන සැලසුම්කරුවන් බවයි.

ඉන්දියාවේ 2011 ජන ලේඛනයට අනුව වයස 15 ත් 29ත් අතර පිරිස ලෙස හඳුනාගෙන ඇති එරට තරුණ ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් නිත්‍ය රැුකියා විරහිතභාවයෙන් පෙළෙති. ඔවුන්ගේ පීඩාවලට හේතුවන ප‍්‍රධාන කරුණු දෙකකි. වැටුප් ඉතා අඩු නිසා විශේෂයෙන්ම කුඩා වෙළඳ ආයතන වැනි විධිමත් හා අවිධිමත් දෙවර්ගයේම ව්‍යාපාර ගෙවන සුළු වැටුප එම කම්කරුවන්ගේ ජීවන වියදම පියවා ගැනීමට ප‍්‍රමාණවත් නැත. දෙවැනි කරුණ නම් අවශ්‍ය කුසලතා නැති උපාධිධාරීන් නිෂ්පාදනය මගින් අධ්‍යාපන ක‍්‍රමය වැටුප් වැඩි නොවන තත්ත්වයට නැතහොත් හිතුමතේ වැටුප් නියම කිරීමට අවස්ථාව සලසා ඇත. නූගත් තරුණයන්ගේ රැුකියා විරහිතභාවයට වඩා උපාධිධාරීන්ගේ රැුකියා විරහිතභාවය ඉහළ ගොස් ඇත. විරැුකියාව පිළිබඳව ප‍්‍රස්ථාරය පෙනෙන්නේ කණපිට හැරවූ පිරමීඩයක් වශයෙනි.

ඉන්දියාවේ ඌන රැුකියා නියුක්තියේ මානව හානිය සහ ස්වයං අනන්‍යතාව බිඳවැටීම ගැන අධ්‍යයනයක් 1986 දී තරම් ඈත කාලයේදී ලක්ෂ්මන් ඉදිරිපත් කළේය. මෑත කාලයේ 2006 දී පැල් යෝජනා කළේ ඉන්දියාවේ රැුකියා විරහිත තරුණයන් ‘විශේෂිත’ සමාජ කොටසක් ලෙස සැලකිය යුතු බවයි. ආණ්ඩුවත් අධ්‍යාපන ක‍්‍රමයක් කෙරෙහි ඔවුන්ගේ තිබෙන කලකිරීම හා වෛරය විරෝධතා ව්‍යාපාරවල මූලබීජ බවට පත්වෙයි. මෙම කොන්කරනු ලැබූ පන්තියට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්පූර්ණ ප‍්‍රබන්ධයකි. පරමාදර්ශී භාෂාවකට ප‍්‍රායෝගික ශක්තියක් ලැබෙන්නේ එය සැබෑ ජීවිතයට අනුරූප වුවහොත්  පමණක් යැයි විට්ගෙන්ස්ටීන් (1922 ට‍්‍රක්ටස්හි*  කී කතාවට ඔවුන් එකඟ වනු ඇත.

අද ඉන්දියාවේ පාසල් හා විශ්වවිද්‍යාල මණ්ඩප අසහනය පැතිරුණු දේශපාලන උණුසුම් නිවාසයි. වරෙක බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමේ ව්‍යාපාරය තුළ දිරිමත් කෙරුණු අවශිෂ්ට තරුණ පක්ෂ මතවාදී මඩවලක වැටිණි. තරුණයන්ගේ සමාජ ආර්ථික ඉහළ නැඟීම ව්‍යවස්ථාපිත අයිතියක් බවට පක්ෂ නායකයන් එකඟ වන්නේ නම් විශ්වවිද්‍යාලවල පවතින අන්තර් පක්ෂ හා පක්ෂ අභ්‍යන්තර ගැටුම් නැවැත්වීම සඳහා කළ යුතු වන්නේ ඒවායේ සියලූ දේශපාලන ක‍්‍රියා නැවැත්වීමට ස්වේච්ඡුාවෙන් එකඟවීමයි. මෙය යෝජනාව පහසුවෙන් පිළිනොනැගෙන බව හැම අතින්ම පෙනී යන්නකි. එසේ වුවද සියලූදෙනාගේ පොදු සුබසෙත සඳහා තරුණයන්ගේ අනාගතය විනාශ නොකිරීමට කරන ඉල්ලීමක් ලෙස එය සැලකිල්ලට ගත යුතුය. එමගින් විවේචනාත්මක දැක්මකින් හා තර්කානුකූල විචාර බුද්ධියෙන් යුතුව ලොව දෙස බැලිය හැකි වන ලෙස ශිෂ්‍යයන් සූදානම් කිරීමට අධ්‍යාපනය ලබා දෙන්නන්ට  නිදහස ලැබෙනු ඇත. එමෙන්ම ඉන්දීය ජනතාව පශ්චාත් යටත් විජිත දුෂ්ටත්වයට පොදුවේ ඇතැයි කියන වැඩකට නැති පල්හෑලි දෙඩවීමෙන් අධ්‍යාපනය ලබා දෙන්නන්්ද වැළකිය යුතුය. ඉන්දියාවට අවශ්‍ය වන්නේ රටේ සුබසෙත  සඳහා මිනිස් බල අවශ්‍යතා සපයන අතරම පුරවැසි අවශ්‍යතා සපිරෙන ලෙස සිරිත් විරිත් ඇදහිලි හා සම්ප‍්‍රදායන් පවත්වාගෙන යාමයි.

සැබෑ අධ්‍යාපනයක තේරුම වන්නේ තරුණයන්ට පුරවැසිභාවයේ  සම්පූර්ණ අයිතිය ලබා දීමකි. එවිට විවෘත භාවයේ හා ඇතුළත් කරගැනීම් වශයෙන් සැම දෙනාගේ හදවත් හා මනස් පිරීයනු ඇත. බොහෝ කලකට පෙර බුදුන් වහන්සේ දේශනා කළ දේ නිවැරැුදිය. ඒ ‘‘බහුජන සුඛාය x බහුජන හිතාය’’ බොහෝ දෙනාගේ සතුට පිණිස බොහෝ දෙනාගේ සුබසෙත පිණිස යන්නය.

(දි අයිලන්ඞ් පුවත්පතේ පළවු ලිපියකි)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *