|

බංග්ලාදේශ බැංකු සොරකමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෝ රටින් පැනලා ?

බංග්ලාදේශ මහ බැංකුවේ ඩොලර් කෝටි ගණනක මුදල් වංචාවට සම්බන්ධ ශ්‍රී ලංකික ආයතනයේ ප්‍රධානින් මේ වනවිටත් රටින් පැනගොස් ඇති බව රහස් පොලිසිය විස්වාස කරන බව අපගේ ආරංචි මාර්ග කියයි . කෙසේ වෙතත් ශාලිකා ඵවුන්ඩේසන් නම් රාජ්‍ය නොවන සංවිධානයේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුට රටින් පිටවීම තහනම් කිරීමේ නියෝගයක් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ලබාගැනීමට රහස් පොලිසිය ඊයේ (21දා ) කටයුතු කළේය . මෙසේ විදේශ ගමන් තහනම් කොට ඇත්තේ එච් ජි ශාලිකා  පෙරේරා ,මියුරින් රණසිංහ , ප්‍රදීප් රෝහිත , ශාන්ත නාලක වලකුලුආරච්චි ,සංජිව තිස්ස බණ්ඩාර සහ ශිරාණි දම්මිකා යන අයවලුන්ගේය .

කෙසේ වෙතත් රහස් පොලිසිය කියන්නේ මෙහි ප්‍රධානියා වන ශාලික පෙරේරා නැමැත්තා ජපානයට පැනගිය බවට තොරතුරු ලැබී ඇති බවයි . අනෙක් අධ්‍යක්ෂවරුන් සොයා රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි .

බංග්ලාදේශ මහා බැංකුවෙන් ඩොලර් මිලියන 951ක් සොරකම් කිරීමට චීන පරිගණක හැකරුන් සමග සම්බන්ධවූ රටවල් ගණනක කණ්ඩායමක් ක්‍රියාකොට තිබිණි . එයින් පිලිපීනයට යැවූ ඩොලර් මිලියන 81ක් හැර ඉතිරි මුදල් රැක ගැනීමට බංග්ලාදේශයට හැකිවුයේ ශ්‍රී ලංකාවේ ඩොයිස් බැංකුවට ලැබුණු ඩොලර් මිලියන විස්සක් පිලිබදව බැංකු සේවකයන් සැක කොට බංග්ලාදේශ බැංකුවෙන් කල විමසීම හේතුවෙනි .ලෝකයේ සියලු බැංකුවලට කම්පනයක් වූ මෙම මහා සොරකම පිලිබදව දැන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ක්‍රියාත්මකය .

මේ අතර රොයිටර් වර්තාවක සදහන් වුවේ බංග්ලාදේශ බැංකුවේ සොරකම ගැන පරික්ෂ කරමින් සිටි එරට පරිගණක විශේෂඥයකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *