අසාද් සාලිගෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට සාක්ෂියක් !

ත්‍රස්තවාදය වැළක්වීමේ  පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටින අසාද්  සාලි මහතා ජිනීවාහි මේ දිනවල රැස්ව ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකා රජයට එරෙහිව ප්‍රබල සාක්ෂියක් වී ඇති බව වාර්තා වෙයි.

එම සමුළුවට ඉදිරිපත් කොට ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවේ එක් චෝදනාවක් නම් මෙ රට සුළුතර ජාතීන්ගේ අයිතීන් යටපත් කරන්නේ ය යන්න යි. මුස්ලිම් ජනයාගේ අයිතීන් ගැන කතා කළ දේශපාලන පක්ෂ නායකයෙක් එම කතාව නිසාම අත් අඩංගුවට ගෙන සිරගත කොට ඇතැයි දැන් ශ්‍රී ලංකාවට එරෙහි සාක්ෂියක් එම සමුළුව හමුවේ සාකච්ඡාවට ලක්ව ඇත.

ශ්‍රී ලංකාව ගැන යෝජනාව ඉදිරිපත් කළ රටවල තවත් තර්කයක් වුයේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මගින් මානව හිමිකම් කඩවීම බරපතළ ලෙස සිදුවන බවයි.

අසාද් සාලි මහතා ඇප නොලබන තත්ත්වයක් යටතේ මාස තුනකට සිරගත කිරීම එයට ද සාක්ෂියක් වී තිබේ.

එ ජා මානව හිමිකම් කොමසාරිස් වරියගේ වාර්තාවට ශ්‍රී ලංකා රජය දුන් ප්‍රතිචාරයේ සඳහන් වුයේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අයතා ලෙස යොදා නොගන්නා බව සහ එය සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව යි.

මානව හිමිකම් කොමිසමේ දී මුස්ලිම් රටවල සහය ශ්‍රී ලංකා රජයට ලබාගැනීමේ උත්සාහයට මෙම තත්ත්වය අයහපත් ලෙස බලපා තිබේ. කොමිසමේ ඡන්ද බලය හිමි මුස්ලිම් රටවල් සංඛය 11 කි. එම ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට සහය දීමට ඉඩ ඇතත් ,ඇතැම් රටවල් විරුද්ධ වීමට හෝ ඡන්දය නොදී සිටීමට ඉඩ ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *