වී මෙට්‍රික් ටොන් ලක්ෂ 32 කින් රජයට ලැබුණේ 15,000 යි

මෙම මාස් කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 32 ක් නිෂ්පාදනය වී ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළ ද රජයට මේ වනාතෙක් මිලට ගැනීමට හැකි වී ඇත්තේ වී මෙට්‍රික් ටන් 15,000 ක් තරම් ඉතා සුළු ප්‍රමාණයක් බව වාර්තා වෙයි.

රජයේ ඉලක්කය වී තිබුණේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිල දී ගැනීමට ය. එම ඉලක්කයට ළඟා වීමට කිසිසේත් නොහැකි වී ඇති බව රජයේ ආරංචි මාර්ග ම කියති.

රජයට වී නොදෙන ගොවීන්ගේ පොහොර සහනාධාරය කපන බවට රජය මුලින් තර්ජනය කළ ද , මතු වූ විරෝධය හමුවේ එම තීරණය වෙනස් කරනු ලැබීය.

දැනට රජය සතු වී තොගය සහල් වෙළෙඳපොළට බලබාම් කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නැත.

එමෙන් ම්රජයෙන් සහල් ලබාගෙන කොටා දෙන කුඩා මෝල් හිමියන් ද මෙයි විශාල ලෙස අමාරුවේ වැටී ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *