වී අතිරික්තයක් තියෙද්දී මෝල්කාරයෝ හාල් හංගලා. මේක කුමන්ත්‍රණයක් – කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

රට තුළ වී අතිරික්තයක් පවතින හෙයින් සහල් හිඟයක් ඇති විය නොහැකි බවත් වෙළඳපොලේ සහල් මිල ඉහළ ගොස් ඇත්තේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ කුමන්ත්‍රණයක් නිසා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“මේක වෙලා තියෙන්නෙ කීපදෙනෙක් විසින් කරන කුමන්ත්‍රණයක් නෙ. දැන් මේ වෙනකොට වී අතිරික්තයක්. වී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක් නිෂ්පාදනය වෙලා තියෙනවා. හාල් මෙට්‍රික් ටොන් මිලියන 2ක්. ඒ කියන්නෙ මාස 6කට හාල් තියෙනවා. හාල් හිඟයක් තියෙන්න බෑ.

මේක මේ මෝල්කාරයො ටික එක්කහු වෙලා හාල් හංගනවා. ඒක තමයි ඇත්ත කතාව. මොනවා වුණත් අලුත් අවුරුද්දෙ ඉඳලා අපි රු. 97 ට හාල් දෙනවා. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ, සමූපකාර සහ සතොස හරහා අපි 97 ට හාල් දෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වී මෝල් හිමියන් උත්සව සමයේදී සහල් මිල ඉහළ දැමුවහොත් කුමක් කරන්නේදැයි විමසීමේදී ඒ මහතා පැවසුවේ “ඒගොල්ලන්ට එහෙම කරන්න බෑ. අපි එහෙම වුණොත් විකල්ප ක්‍රියාමාර්ගයකට යනවා” යනුවෙනි.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) වව්නියාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LANKASNEWSWEB

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *