2020 ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 3.6 කින් පසු බසී

2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය  සියයට 3.6ක සංකෝචනයක් පෙන්නුම් කරන බව 2020 වසර සඳහා වන ජාතික ගිණුම් ප්‍රකාශයට පත් කරමින්  ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි . 2019 වසරේ ආර්ථික වර්ධනය සියයට 2.3 ක් ව පැවතුනි.

2020 වසරේ තුන්වැනි කාර්තුවේදී සියයට 1.3ක ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බව ද සංඛ්‍යා ලෝඛන දෙපාර්තමේන්තුව පෙන්නා දෙයි.

ආර්ථිකයේ ප්‍රධාන සංරචක අතරින්  කෘෂිකර්මය, කර්මාන්ත, සහ  සේවා යන අංශ   2020 වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදනයට දැක් වූ දායකත්වය පිළිවෙළින්  සියයට 8.4ක්, සියයට 26.2ක් සහ සියයට 59.7ක්  බව ද ජන ලේඛන සහ සංඛ්‍යයා ලේඛන  දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

2020 වසරේදී කෘෂිකාර්මික,කර්මාන්ත සහ සේවා යන අංශ තුනම පෙර වසරට සාපෙක්ෂව පිළිවෙළින් සියයට 2.4ක් සියයට 6.9ක් සහ සියයට 1.5ක සෘණ වර්ධන වේගයක් වර්තා කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *