රුපියල අද තවත් රුපියලකින් බහී

රුපියල අව ප්‍රමාණ වීම අද තවදුරටත් සිදුවෙමින් ඩොලරයක අගය තවත් රුපියලකින් ඉහළ ගියේ ය.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව ඊයේ  සවස රුපියලේ අගය දැක්වුණේ ඩොලරයකට රුපියල් 200.75 ක් වශයෙනි. අද සවස වාර්තා වුයේ එම  අගය 201.75 ක් වශයෙනි. මෙය එක දිනක දී ඩොලරයේ මිල රුපියලකින් ඉහළ යාමකි.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා මසකට පෙර ප්‍රකාශ කළේ විවිධ රට වලින් ඩොලර් බිලියන 4.5 ක පමණ ණය ලබා ගැනීමට කරයුතු කොට ඇති බව සහ එම මුදල් ඉක්මනින් ලැබී රුපියල ස්ථාවර වනු ඇති බව යි. එම ණය මුදල් අතරින් මෙතෙක් අනුමත ව ඇත්තේ චීනයෙන්  ලැබෙන බව කී ඩොලර බිලියන 1.5 පමණකි. එය අනුමත වූ පසුව ද ,රුපියල අවප්‍රමාණ වීම සිදුවෙමින් තිබේ.

ඩොලරය රුපියල් 185 මට්ටමේ ස්ථාවර වනු ඇතැයි මීට පෙර කියූ පුරෝකථන ද වැරදී ඇති බව නව තත්ත්වය පෙන්නුම් කරයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *