බැඳුම්කර චෝදනා එල්ල වූ රවී ඇතුළු පිරිස 23 දක්වා රිමාන්ඩ්

2016 වසරේ මාර්තු මාසයේදී සිදුකළ මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා භාරදීම අද සිදු කෙරිණි. මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩින් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවා තිබිණි.

විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීමෙන් පසුව විනිසුරු මඩුල්ල, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළ සැකකරුවන් පිරිස මාර්තු 23 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *