ගිවිසුම් ගැන් නොදැන විරුද්ධ වෙන උගත්තු -මහාචාර්ය රොහාන් සමරජීව

අන්තර් ජාතික ගිවිසුම් අත්සdr-rohan-samarajiva-makes-a-point-photo-by-tve-asia-pacificන් කරන විට සෘණ ලැයිස්තුවක් කියා එකක් තිබේ. අපි භාණ්ඩ ගිවිසුමට ඉන්දියාවත් සමග ඇතුලත් වූ ආකාරය උදාහරණයට ගනිමු. 98 විතර ඇතිකරගත් ඒ ගිවිසුම ක්‍රියාත්මක වුනේ 2000දී ය. සෘණ ලැයිස්තු දෙකක් රටවල් දෙකෙන් ඉදිරිපත් වෙනවා. ඒ සෘණ ලැයිස්තුවේ ක්ෂේත්‍රයට ඒක බලපාන්නේ නෑ. උදාහරණයකට ගතහොත් පාරේ අද බැලුවිට වැඩිපුර පෙනෙන්නේ බජාජ්. මරුති, අල්ටෝ යනාදි වාහන. 90 ගණන්වල 80 ගණන්වල පාරේ තිබුණේ. කොරොල්ලා, නිසාන් වැනි ජපන් වාහන තමයි වැඩිපුර තිබුණේ. අද තියෙන්නේ වැඩිපුර ඉන්දියානු වාහන. මේ ඉන්දියානු වාහන අපි දැම්මා සෘණ ලැයිස්තුවට. නමුත් ඉන්දියන් ව්‍යාපාරිකයින් කැමතියි මේ භාණ්ඩය ලැයිස්තුවට ඇතුලත් කරන්නේ නම්. නමුත් අපේ රටේ අපේ ආණ්ඩුවට විශාල ආදායම් ප්‍රමාණයක් ලැබෙන්නේ, මේ වාහන බදුවලින්. මේ වාහන වලට ගහන බදුවලින් තමයි ආණ්ඩුව පවත්වාගෙන යන්නට ආදායම් හොයාගන්නේ. ආදායම් විශේෂයක් තමයි ඔය තීරු බදු. ඉතින් වාහන වලට අපි 100%ක් විතර බදු ගහනවා. ඔය ගිවිසුම්වල ඒවාට ඉඩ දෙන්නේ නෑ. අපි ඒවා ඒ නිසා ගිවිසුමෙන් අයින් කරලා තිබෙන්නේ. මක් නිසා ද යත් නිදහසේ අපිට බදුගැසීමට ඉඩකඩ තියාගැනීම සඳහා ය. ලෝක වෙළඳ ගිවිසුමේ ඒවට වැඩිය ඉඩ දෙන්නේ නෑ. නමුත් යාබද රටවල් නිසා ඔය වගේ එකගතාවයන් ඇතිකර ගන්නට පුළුවන. නමුත් සීමාවල් දැම්මා. ඒ අයත් එවැනි සීමාවල් දමාගෙන ඇත. අපේ තේ උදාහරණයකට ගතහැක. අපේ ඇගලුම් දැම්මා අපි ඒකට සෑහෙන්නට විරුද්ධවුනා නමුත් පස්සේ කාලෙක ටිකෙන් ටික සංශෝධනය කරලා තිබෙන්නේ. නමුත් ඒ අය වැරදි වැඩක් කළේ ය. අපේ ආහාර අපනයනයන් වලට අනවශ්‍ය නීති රිති දැම්මේ ය. මේවා පරිපූරණ දේවල් නොවේ. යම යම් වැරදි අතීතයේ දි සිදු වී ඇත. ඒ භාණ්ඩ ගිවිසුම්.

එතකොට සේවා ගිවිසුම්වල තීරු බදු නැත. තීරු බදු නැහැ කියන්නේ සේවා රේගුව හරහා යන දේවල් නොවේ. ඒ හරහා ගියොත් තමයි තීරු බදු අයකරගන්නට පුළුවන් වෙන්නේ. සේවා යන්නේ වෙනත් වෙනත් විදිවලට ය. ඒ නිසා සේවා පිළිබඳව තාක්ෂණිකව වෙනත් ක්‍රමයක් ජාත්‍යාන්තර වශයෙන් හදා තිබේ. සේවා සම්බන්ධව ජාත්‍යන්තරව ප්‍රථමයෙන්ම අත්හදා බැලුවේ අර උතුරු ඇමෙරිකානු, නැත්නම් නැෆ්ටා ගිවිසුම තුළිනි. ඇමෙරිකාව, කැනඩාව සහ මැක්සිකෝව අතර තිබෙන ගිවිසුම තමයි සේවා ගිවිසුම් අතරින් ප්‍රධානම ගිවිසුම. ඊට පසු ඒ ක්‍රමවේදය දියුණුකර ලෝක වෙළඳ සංවිධානයේ ගැට් නැමති ගිවිසුම ඇති කළේ ය. මේක වෙලඳාම සහ සේවාවන්ට අදාළ ගිවිසුමකි. ඒක ඇතුලත් කරනවිට පළවෙනි ක්‍රමවේදය තමයි ඒක ඇතුලත් කළේ ධන ලැයිස්තු කියන ක්‍රමයට ය. යම්කිසි ක්ෂේත්‍රයක් ඇතුලත් කළේ නැත්නම් ඒ ක්ෂේත්‍රය ගිවිසුමෙන් ආවරණය වන්නේ නැත. ඒ කියන්නේ භාණ්ඩවලට කේවල්කර එය අයින්කරගත යුතු ය. මේක ලැයිස්තුව ඇතුලට දැම්මේ නැත්නම් ඒක ඇතුලත් වෙන්නේ නෑ. මා සමග ගෘහ නිර්මාණ ශිල්පියෙක් වසර 10කට පමණ පෙර මේ ගැන සාකච්ඡා කළේ ය. එතනදින් මම කිව්වා මම නම් කියන්නේ ඒක ඇතුලත් කරන එක හොඳබව ය. ඒකට අකැමැති නම් ඔය ගොල්ලන් කියන්න ඒ ගැන. ඒක කරන්නට අපිට අයිතිය තිබේ.

නමුත් හැම ක්ෂේත්‍රයම අයින්කර සේවා ගිවිසුම් අත්සන් කරන්නට ද නොහැක. එසේ කරන්නට ගියොත් ඒ අය අහනවා ඔය අය මොකටද සේවා ගිවිසුම් අත්සන් කරන්නට කියන්නේ කියලා. ඒ නිසා යම්කිසි ක්ෂේත්‍ර මේකට දාන්නට සිදුවේ. එතකොට අපි පොඩි රටක් නිසා අපිට ඒ අය සමග කථාකරලා අපි ක්ෂේත්‍ර තුනක් එකතු කරන්නම් එය ගොල්ලන් ඒකට ක්ෂේත්‍ර 10ක් දාන්න කියලා කියන්නට පුළුවන. ඒක තමයි සේවා ගිවිසුම් වල ක්‍රමවේදය. දැන් සේවා ගිවිසුම් වල අන්තර්ගත දෙයක් තමයි ආයෝජන රටට ගෙන්වා ගැණීමට තමයි සේවා ගිවිසුම් තිබෙන්නේ. ඔය සේවා ගිවිසුම් පාවිච්චිකරලා තමයි 97- 98 විදුලි සංදේශ ක්ෂේත්‍රය දියුණු කළේ. එය කරනවිට ලංකාවට එසේ ගෙනල්ලා තමයි ඒ දියුණුව ඇති කළේ. ඒ දවස් වල ටෙලිෆෝනයක් ගන්නට වසර 10 පෝලිමේ සිටිය යුතු ය. හෘදය වස්තුවේ ආබාධයක් තියෙනවා කියලා තමයි අපි ටෙලිෆෝනයක් ගත්තේ. දැන් වෙළෙන්දෝ පස්සෙන් එළව එළව ටෙලිෆෝන් විකුනති. ඕක කරගත්තේ අර ආයෝජන තත්ත්වය වෙනස් කරලා. ආයෝජන ආකර්ෂණය කරගැනීමට අපේ නෛතික රාමුවක් අවශ්‍ය ය.

එතකොට කෙනෙක් කියන්නට ඉඩ තිබෙනවා ඉතින් ඔයදේ ඔහොම කලාම අපේ වෘත්තීයවේදීන්ට ආරක්ෂාවක් තියෙනවා ද? වෘත්තීයවේදීන්ට 4වෙනි මාදිලිය කියා එකක් තිබේ. දැන් ආණ්ඩුව කියලා තිබෙනවා අපි 4වෙනි මාදිළිය පාවිච්චි කරන්නෙක් නැති බව. මම ස්වාධින විද්වතෙක් ලෙස ඒකට එකග නෑ. නමුත් මට තේරෙනවා ආණ්ඩුව ඒ වගේ දේවල් කියන්නට හේතුව මොකද්ද කියලා. ඒක ආණ්ඩුවට තිබෙන අයිතියකි. ඒක ගණුදෙනුවේ දි කරගත යුතු දෙයකි. එතකොට අපි අයෙත් අහනවා ඇයි එහෙනම් කෑ ගහන්නේ කියලා. මේ ලියපු නැති ගිවිසුමක්. ස්වාභාවික පුද්ගලයෙකුට එහාට මෙහාට යන්නට තිබෙන සීමිත නිදහස ඇරෙන්නට විසා නැතිව එහාට මෙහාට යන්නට ලෝකයේ කොහෙවත් නිදහස දීලා නැත. ඕනෑම ගිවිසුමක් තිබිය හැකි නමුත් ආගමන විගමන නීති ක්‍රියාත්මක ය. ඒකේදි යම් ප්‍රමාණයකට අපි ලිහිල් කර තිබෙන්නේ යුරෝපා සංගමය කියන සුවිෂේශ තැන පමණයි. ඇමෙරිකාවේ විශේෂඥයින්ට කැනඩවට ගිහිල්ලා ඕන දෙක් කරන්නට හැකියාවක් නෑ. ඒ ඒ පියවරයන් හරහා තමයි යන්නට ඕනේ. නමුත් ඒ පියවරයන් වල නිශ්චිත බවක් හා කිසියම් ලිහිල් බවක් මේ ගිවිසුම්වල තිබේ. ඒක තමයි වෙනස. මේ ගිවිසුම්වල ඒ ටික තමයි තිබෙන්නේ. එතකොට මේ වෙළඳ ගිවිසුම ලංකාව පැත්තෙන් ලිහිල්. එහ් ප්‍රභේදයක් ගැනතමයි ආණ්ඩුව මේ මොහොතේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඒ වගේම මේකේ තිබෙනවා උප ලේඛණයක් කියලා එකක්. වැඩි දෙනෙක් මේ උපලේඛනයේ ඇති සංකීර්ණ බව දන්නේ නැත. ඒවා තාක්ෂණික ලියවිලි ය. මේවා ලියන්නට පුලුවන. උදාහරණයක් ලෙස අපිට ලියන්නට පුළුවන, යම් ක්ෂේත්‍රයකට ආයෝජනයට එන්නට. ඒ වගේම 3වෙනි මාදිලියට සේවා සැපයිමට අපි ඉඩදෙනවා. නමුත් අපි ඒ අයට ඉඩම් ගන්නට ඉඩ දෙන්නේ නෑ කියලා කියන්නට පුළුවන. කල්බදු වලින් පමණයි මේක කරගෙන යන්නට ඕනේ කියා කොන්දේසියක් දැමිය හැක. දැන් ඉන්දියාව කොන්දේසි දමා තිබෙනවා. එනම් ඉන්දියාවේ උතුරු පැත්තේ ගෝත්‍රික මිනිසුන් ඉන්න ප්‍රාදේශවලට මේ ගිවිසුම අදාල නොවෙන බවට කොන්දේසියක් දමා ඇත. අපිට ද එවැනි කොන්දේසි දැමිය හැක. අර භාණ්ඩ ගිවිසුම්වල නැති නම්‍යතාවයක් මේ සේවා ගිවිසුම්වල තිබේ.
ඒවා බොහොම සුඛ නම්‍ය ගිවිසුම් වේ. ඒ සුඛ නම්‍ය බව තිබෙත්දීත්, හරියට නොදැන විරුද්ධ වේ. අන්න ඒකයි මට තිබෙන කණගාටුව. මම රූපවාහිනි වැඩසටහන් වලට ගියාම සමහරු කියනවා මම අර වෘත්තියේ විශේෂඥයෙක් කියලා පටන්ගෙන මේ ගිවිසුම් විෂය දන්නේ නෑ කියලා තමයි පටන් ගන්නේ. ඒ විතරක් නොවෙයි කෑ ගහනවා මේකට විරුද්ධයි කියලා. එතකොට මා අසන්නේ ඔබතුමා මේ ගැන දැනගෙන ද විරුද්ධ වෙන්නේ කියලා. මේ සුඛ නඹ්‍ය බව මේ ගිවිසුම් වල තිබේ.

කෙනෙක් අහන අන්තිම ප්‍රශ්නය වන්නේ ඔබලාගේ පොතේ ඔය නම්‍යතා තිබුණාට ඕවා ඇත්තටම කරන්න පුළුවන්ද කියලා අසති. අපේ කට්ටියට, අපේ මේ ගිවිසුම් හදන අයට මේ දැණුම තිබෙනවාද යන්න මේ සමග බැදී තිබේ. එතන දි අපි පිළිගත යුතුයි අපේ විද්වත් මණ්ඩල වලින් අපි සහයෝගය ලබාගැනීමට. ආණ්ඩුව ඒ තාක්ෂණික සහාය ලබාගත යුතු ය. මේවා පරිස්සමෙන් කළයුතු ය. ඒ නැත්නම් වෙන්නේ අපිට සෘජුවම තරග කරන වියට්නාමය අපිට අද පිටුපසින් සිටියත් අද ගිවිසුම් ගණනාවක් කට ඇතුලත් වි තිබේ. ට්‍රාන්ස් ෆැසිපික් වගේ ඉතා සංකිර්ණ ලෝක ආර්ථිකයේ 40%ක් ආවරණය වන මහා ගිවිසුමටත් වියට්නාමය ඇතුලත් වන්නට එකග වි ඇත. වියට්නාමය ද මේ ගිවිසුම් වලට ඇතුලත් වුනාම අපිට වෙන්නේ දත නියව නියව බලාගෙන ඉන්නට ය. ඒ අයට වාසි තිබේ. ඉස්සර අපිත් එක්ක වෙලදම් කළ අයට අද වියට්නාමය සමග වෙළදාම් කරන්නට හේතු තිබෙනවා. මක්නිසා ද ඒ අයගේ නීත් රීති පැහැදිළි නිසා. ඔය තත්ත්වය අපි තේරුම්ගත යුතු ය. ලංකාවේ මෑත ඉතිහාසයේ අපිට තිබුණු අවස්ථා ගණනාවක් අපි පැහැර හැර තිබේ මේක සුවිශේෂ අවස්ථාවකි. මේ අභියෝගයට මුහුන දෙන්න අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට හොද නම්‍ය මෙවලම් ඇත. මේ මෙවලම් යොදාගෙන ඉදිරියට යන ලෙසයි මා යෝජනා කරන්නේ. ඒක කළොත් මේ අවස්ථාව අපේ ග්‍රහණයට ගෙන, අර ඉහළ මට්ටමේ රැකියා 10 ලක්ෂය, අපේ රට මැදි ආදායම් මට්ටමෙන් ඉහළ ආදායම් තත්ත්වයට ගෙනෙන්නට තියෙන්නේ. මම අවසන් වශයෙන් කියන්නට ඕනේ ගිය වසරේ වෝටර්ස්ඒජ් එකේ සම්මන්ත්‍රණයක දි මම කථා කළේ මේ විෂය පමණි. මැතිවරණ පොරොන්දුවේ තියෙනවා රැකියා දශ ලක්ෂය කියන ශීර්ෂය. ඒ යටතේ තිබෙනවා ඉන්දියාව සමග විතරක් වෙළද ගිවිසුම් නොව චීනය, සිංගපුර්ව මේ සියලු රටවල් සමග ගිවිසුම් අත්සන් කරන බව ඒ මැතිවරණ පොරොන්දුවේ කලු සුදුවලින් ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *