මහ බැංකුවේ තහංචි මැද ඩොලරය රුපියල් 200 ඉක්මවා ඉහළට !

 

රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා ඩොලර් ගනුදෙනුවලට  බොහෝ සීමා කිරීම් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කොට තිබුන ද  ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 ඉක්මවා ඊයේ ඉහළ ගියේ ය.

මහ බැංකුවේ දත්ත අනුව රුපියලේ විකුණුම් මිල රුපියල් 200.75 ක් ලෙස සටහන් වුව ද ඇතැම් බැංකු ඩොලර් විකුණුම් මිල රුපියල් 205 ඉක්මවා නියම කොට තිබු බව වාර්තා වෙයි.

මීට පෙර ඩොලරය රුපියල් 200 ඉක්මවා ගියේ කොවිඩ් ඇඳිරි නීති රටපුර ක්‍රියාත්මක කොට ආර්ථිකය වසා තිබු 2020 අප්‍රේල් මාසයේ දින දෙකක දී පමණකි.

ඇතැම් ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ රුපියලේ අගය අඩුවන්නේ මහ බැංකුව දිගින් දිගට වාර්තාගත මට්ටමින් මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටින නිසා බව යි. වෙළෙඳපොලේ රුපියල් සැපයුම විශාල ලෙස වැඩිවීම ඩොලරයේ මිල මෙතරම් ඉහළ යාමට හේතුව බව කියති.

ඔවුන් කියන්නේ මුදල් මුද්‍රණය කරමින් වෙළෙඳපොළට තහංචි දැමීමෙන් රුපියලේ අගය පහත වැටීම නතර කළ නොහැකි බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *