හයිඩ් පාර්ක් බලය පෙන්නා මහින්ද ඩීල් එකකට දත කයි !

Rajpakseඒකාබද්ද විපක්ෂයේ හයිඩ් පාර්ක් රැලියට ආ සෙනග පෙන්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වරයා සමග ඩීල් එකකට උත්සහ දරමින් සිටින බව ආණ්ඩුවේ තතුදත් ආරංචි මාර්ග කියයි . තම පවුලේ උදවියට එරෙහිව එල්ල වී ඇති දුෂණ හා මිනීමැරුම් චෝදනා වලින් ඔවුන් නිදහස් කර ගැනීම මෙම ක්‍රියාමාර්ගයේ ප්‍රධාන උත්සාහය බව අපේ ආරංචි මාර්ග කියයි .

මෙය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ල නි ප යේ ප්‍රධාන දෙපාර්ශවය සමගි කිරීමේ උත්සහයක් වශයෙනි . හයිඩ් පාර්ක් ගිය උදවියට විනය පියවර නොගැනීම , ගෝටාභය රාජපක්ෂට පක්ෂයේ ඉහල තනතුරක් දීම ආදී නොයෙකුත් යෝජනා ඒ සමග ඉදිරිපත් වන බව කියති . හයිඩ් පාර්ක් රැස්වීම ජනාධිපතිතුමාට එරෙහිව පවත්වුවක් නොවන බවත් එය එජාප ආණ්ඩුවට එරෙහි රැස්වීමක් බවත් මෙම ඩීල් එක සදහා මැදිහත්වන පිරිස ප්‍රකාශ කොට ඇත .

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මෙයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව අපගේ ආරංචි මාර්ග කියයි . ජනාධිපතිතුමා පවසා ඇත්තේ තම බියපත් කොට නොයෙක් දේ ලබාගැනීමේ උත්සාහය සාර්ථක නොවන බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *