යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ලබන මාසයෙන් ඉවරයි !

ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනයන්ට යුරෝපා සංගමය පනවා ඇති තහනම මාර්තු 30 ද බ්‍රසල්ස් නුවර බලා යන ශ්‍රී ලංකා නියෝජිත පිරිසගේ සකච්චාවලින් පසුව අවසන් වනු ඇති බව ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග ප්‍රකාස කරයි .සාකච්චා සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය සාධක බලකායේ නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතය .

ශ්‍රී ලංකා මුහුදු අහර අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ මහතා කියන්නේ මාර්තු 30 දා  බ්‍රසල්ස් බල යන කණ්ඩායමේ සාකච්චාවෙන් පසුව යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා තිබු මත්ස්‍ය අපනයන තහනම අවසන් වනු ඇති බවයි .

තහනම අවසන් කිරීමට යුරෝපා සංගමය පනවා තිබු කොන්දේසි බොහොමයක් මේ වනවිට ශ්‍රී ලංකාව විසින් ඉටුකොට ඇති බව කියති .තහනම නිසා අපගේ මත්ස්‍ය අපනයන අදායම සියයට තිහකින් අඩුවී ඇත . 2014 වසරේ මත්ස්‍ය අපනයනයෙන් අපරට ඉපයූ අදායම ඩොලර් මිලියන 252ක් වූ අතර පසුගිය වසරේ එය මිලියන 163ක් දක්වා අඩුවිය .

රුපියල අවප්‍රමාණ වීමටද මෙය එක් හේතුවක් බව කියති .තහනම ඉවත්වීමත් සමග මත්ස්‍ය අපනයන අදායම ඉහල යනු ඇති අපේක්ෂා කෙරෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *