නාමල් රාජපක්‍ෂ – අනුර සේනානායක මේ සතියේ අත්අඩංගුවට?

ප‍්‍රසිද්ධ රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතයන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුරසේනානායක මහතා මේ සතියේදී අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි තතුදත් ආරංචිමාර්ග පවසයි.
නාමල් රාජපක්‍ෂ මහතා අත්අඩුංගුවට ගැනීමට යන්නේ වසීම් තාජුඞීන් ඝාතනය මෙහෙයවීමේ චෝදනාවට  වන අතර, අනුර සේනානායක මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ අපරාධය වසන් කිරීමට කටයුතු කිරීමේ චෝදනාවටය .

මිට අමතරව අපරාධය සිදු කිරීම සඳහා කටයුතු කළ බව කියන කැප්ටන් තිස්ස නැමැත්තා ඇතුළු 16 දෙනෙක් ද ඉදිරි සතියේ අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපගේ ආරංචිමාර්ග සඳහන් කරයි.

කසේ වෙතත් මෙම අත් අඩංගුවට ගැනීම් වලකා  ගැනීම සදහා දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *