මම ෆේල් නෑ , පාස්වෙලා ගොඩක් කල් – ජනාධිපති ගිරිබාවේ දී කියයි

තමන් ෆේල් වී ඇති බව සමහරු කියන නමුත් තමන් ෆේල් නැති බවත් , පාස්වෙලා ගොඩක් කල් බවත් , ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද කුරුණෑගල ගිර්බවේ දී ප්‍රකාශ කළේය .

කුරුණෑගල ගිර්බවේ වේරගල ප්‍රදේශයේ පැවති ‘ගම සමග පිළිසඳර’ වැඩ සටහනට සහභාගී වෙමින් ජනාධිපතිතුමා අද මේ බව ප්‍රකාශ කළේ ය.

ගිර්බවේ වේරගල දී අද පැවතියේ ගම සමග පිළිසඳර 13 වැනි වැඩ සටහන යි.

රටේ සියලු ගම්වලට විදුලිය ලබාදෙන ” දැයට එලිය ” වැඩ හටහන ද ජනාධිපතිතුමා අද ආරම්භ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *