පසුගිය වසර පහේ ම ගෑස් මිල වැඩි කොට නැහැ – වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන

පසුගිය වසර පහක කාලය තිස්සේ ම ගෑස් මිල වැඩිකොට නැති බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහත් ප්‍රකාශ කොට ඇත.

ඒ මහතා කියන්නේ තවදුරටත් ගෑස් මිල වැඩි නොකළ හොත් ගෑස් සමාගම් බංකොලොත් වන බව සමාගම් තමන්ට දැනුම් දී ඇති බව යි.

ගෑස් මිල වැඩිකිරීමේ සමාගම්වල ඉල්ලීම ඉදිරි කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ඒ මහතා ප්‍රකාශ කොට තිබේ.

වෙළෙඳ ඇමතිවරයා ඊයේ මෙම ප්‍රකාශ කළ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *