කම්කරුවන්ට වරප්‍රසාද  ලැබෙන්නේ නීතිවලින් නොව වෙළෙඳපොළ වර්ධනයෙන් – අධිකරණ ඇමති අලි සබ්‍රි

කම්කරුවන්ට සැබවින් ම වරප්‍රසාද සහ අයිතීන් හිමිවන්නේ නීති පැනවීමෙන් නොව වෙළෙඳ පොළ වර්ධනය කරමින් කම්කරු ශ්‍රමය සඳහා ඉල්ලුම ඉහළ දැමීමෙන් බව අධිකරණ ඇමති එම් යු එම් අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේ ය. හාම්පුතුන්ට නීති දමා දහ දෙනා  පස් දෙනා  කරනවා වෙනුවට හාම්පුතුන් හා  දෙනෙකුට ඉඩ සලසා ඔවුන් අතර තරගයක් ඇති කළ විට කම්කරු ශ්‍රමය සඳහා ඉල්ලුම ඉහළ යන බව ඇමතිවරයා පෙන්වා දුන්නේ ය. එසේ වූ වීට  කම්කරුවන්ගේ සේවය ලබා ගැනීමට සේවක වරප්‍රසාද ඉහළ දැමීමට හාම්පුතුන්ට සිදුවන බව ඇමතිවරයා පැවසීය .

ඒ අනුව ඇමතිවරයා කීවේ කම්කරු අයිතීන් ලබාදීමේ වඩා සාර්ථක ක්‍රමය නව නීති ගෙන ඒම නොව වෙළෙඳපොළ වර්ධනය කිරීම බව යි.

කෙසේ වෙතත් , මෙරට යල් පැනගිය කම්කරු නීති සිය ගණනක් සංශෝධනයට රජය පියවර ගනිමින් සිටින බව ද ඇමතිවරයා කී ය.

ඇමති අලි සබ්‍රි මහතා මේ අදහස් පල කළේ “ මෙරට කාන්තාවන්ට පවතින කම්කරු නීතිවලින් ආරක්ෂාව සැපයෙන්නේ ද ?”  යන මාතෘකාව යටතේ අඩ්වෝකාටා ආයතනය සංවිධානය කොට තිබු සම්මන්ත්‍රණයකට අද එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *