කොවිඩ් මල සිරුරු නවයක් භූමදානය කෙරෙයි

කොවිඩ් 19 ආසාදනය නිසා මියගිය අයගේ මළසිරුරු නවයක් අද දිනයේ භූමදානය කොට ඇත.

යුද හමුදාපති ලුතිනන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කොට ඇති ආකාරයට  මුලින් මල සිරු දෙකාක් සහ පසුව තව හතක්  ලෙස මෙම භූමදානය කිරීම් සිදුව ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ය.

මෙම සිරුරු භූමදානය සිදුකොට ඇත්තේ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ තෝරාගත් භූමිභාගයකය .

මේ සඳහා යාපනයේ ඉරානතිවු දුපත කලින් තෝරාගෙන තිබුණ ද එම ප්‍රදේශයේ ජනයා  ගේ විරෝධය නිසා ඔට්ටමාවඩි ප්‍රදේශයේ අක්කර දෙකක ඉඩමක් ඒ සඳහා යොදාගෙන තිබේ.

කොවිඩ් 19 නිසා මියගොස් අවසන් කටයුතු නොකොට රඳවාගෙන සිටි මෘතදේහ නවයක් මෙලෙස භූමදානය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *