ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු නැහැ ; අපේක්ෂකයා සජිත් ම යි – සජබ කෘත්‍යාධිකාරිය කලින් ම වැට පනී

මීළඟ ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයකුට සහය නොදෙන බවටත්, අපේක්ෂකයා සමගි ජන බලවේගයෙන් ම විය යුතු බවටත් යෝජනාවක් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙවර රැස්වීමේ දී සම්මත කොට ගෙන ඇත.

මෙය සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම සහතික කර ගැනීමේ පියවරක් බව කියති .

මෙයට හේතු වී ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයට විපක්ෂයේ පුළුල් පෙරමුණකින් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට ප්‍රබල මතයක් එම පක්ෂය තුලින් මතු වී තිබීම බව කියති. මී ළඟ  ජනාධිපතිවරණයක් ජයගන්න සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි බවටත් ,ඔහුට සුලුතර ජාතීන්ගේ කිසිදු පිළිගැනීමක් නැති බවටත් අදහස් ඉදිරිපත් වන බව කියති.

මෙම අදහසට නායකත්වය ගෙන ඇත්තේ පාටලී චම්පික රණවක මහතා බව ද කියති .ඔහුට පක්ෂයේ තනතුරක් දෙන බව කියා තිබුන ද මෙවර ද එවැන්නක් සිදු වී නැත. රණවක මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ද සහභාගී වී නැත.

රනිල්ට බෑ කියමින් සජිත් එජාප නායකත්වයට ගෙන එන්නට සටන් කළ ප්‍රබල චරිත ද මේ වන විට සජිත්ට බැරි බවත්,  ඔහු දුර්වල නායකයෙක් බවත් කියමින් නව නායකයකු අවශ්‍ය බව කියන්නට පෙරමුණ ගෙන සිටින බව කියති. ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න ආදීන් ඒ අතරින් කැපී පෙනෙන බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *