කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනයට අපේ සම්බන්ධයක් නැහැ – ඉන්දියාව කියයි

කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට  ශ්‍රී ලංකා රජය ගත්  බව කියන තීරණයට තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දියානු රජය ප්‍රකාශ කරන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙම ව්‍යාපෘතියට ආයෝජකයකු නම් කිරීමක් ඉන්දියාව විසින් සිදු නොකළ බව යි. ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශය ගැන තමා  පුදුම වන බව ද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කොට ඇත.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සඳහා මීට පෙර ඉන්දියාව ක්‍රියාශීලීව ඉදිරිපත් වීය. ඒ සඳහා ඉන්දියාව විසින් අදානි සමාගම යෝජනා කොට තිබිණි. කෙසේ වෙතත් , එම ගිවිසුම ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකාව විසින් අතහැර දමනු ලැබී ය.

ඒ වෙනුවට ශ්‍රී ලංකා රජය  බටහිර ජැටිය ලබාදීමට කැමැත්ත පළ කළ ද ඉන්දියාව එම යෝජනාවට කැමැත්ත පළ කොට නොතිබිණි.  ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ නියාමනයක් සහ වර්ගීකරනයක් නොමැතිවීම හේතුවෙන් වගකිව යුතු ප්‍රවෘත්ති ආයතන සමග “ ඕපාදුප “ වෙබ් අඩවි පැටලෙන්නට ඉඩ හැර ඇති ආකාරය පිළිබඳව බොහෝ කර්තෘවරු කතා කළහ. වගකිව යුතු මාධ්‍ය අතර පවා අන්තර් ජාල ග්‍රාහකයන් සඳහා තරගයේ දී ආයතනවලට ආචාරධර්ම උල්ලංඝනයන් සංධ පමණට වඩා ඉඩ ලැබී ඇත. එක කර්තෘවරයකු ප්‍රකාශ කළේ ඩිජිටල් මාධ්‍ය ආයතන නෂ්පාදනය කරන අන්තර්ගතය සදාචාරාත්මකව සහ බුද්ධිමය වශයෙන් ඉහළ නැංවීමට උදවු කරමින් වෙබ් මාධ්‍යවේදයට “ප්‍රගතිශීලී සහ ධනාත්මක “ දිශාවකට ගමන් කිරීමට මාධ්‍ය සංවිධාන මගින් දිරිගැන්වීමක් කිරීම අවශ්‍ය බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *