ගූගල් ලුන් ගන්න ඉන්දියාවත් වැඩ

දුර බැහැර ප්‍රදේශ වටලා අන්තර් ජාල පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යන ගූගල් ලුන් ව්‍යාපෘතියක් ඉන්දියාවටද ලබාගැනීමට එරට රජය කටයුතු කරමින් සිටින බව ඒජන්සි වාර්තා කියයි . මේ වනවිටත් ඒ සදහා මුල් යෝජනාව ගූගල් සමාගම ලබා දී ඇතත් එහි ඔවුන් ඉල්ලා සිටින මෙගහර්ට්ස් 700-900 තරංග ඉන්දියාවේ වෙනත් සමාගම්වලට දැනටමත් ලබා දී ඇති නිසා අලුත් යෝජනාවක් ලබාදෙන ලෙස ඉන්දියානු රජය ගූගල් සමාගමට දැනුම් දී ඇත .

එම ක්‍රියාමාර්ග ඉදිරියට ගියහොත් ගූගල් ලුන් ක්‍රියාත්මකවන මෙම කලාපයේ පළමු රට ශ්‍රී ලංකාව වනවිට දෙවන රට බවට ඉන්දියාව පත්වනු ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *