දුරකථන සේවාව දියුණු කළේ ගිවිසුමක් තුළ බව විවේචකයන් දන්නේ නෑ – මහාචාර්ය රොහාන් සමරජීව

rohan samarajivaමේ ජාත්‍යන්තර ගිවිසුම් ගැන මා කටයුතු කිරීම ආරම්භ කළේ දශක දෙකකටත් වැඩි කාලයක සිට, කැනඩාවත්, මැක්සිකෝවත්, ඇමෙරිකාවත් අතර අත්සන් කළ බොහොම පුළුල් නැෆ්ටා කියන ගිවිසුම ඇතිකරගත් කාලයේ ය. ඒ දිනවල මා ඇමෙරිකාවේ උන්වන්වමින් සිටියේ ය. ඒ කාලයේ පටන් ම දිගටම මේ කටයුත්ත කරගෙන ආ අතර මේ අවස්ථාවේ මා කරුණු ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව වෙනුවෙන් නොව ස්වාධීන බුද්ධිමතෙක් හැටියට ය.

මූලික වශයෙන් මා ඉදිරිපත් කරන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ අපේ රටට අද ඇති අභියෝගය පිළිබඳව ය. අපිට තිබෙන අවස්ථාව කුමක් ද යන්න දෙවනුව සළකා බලන්නට අදහස් කරමි. තුන්වැනිව අපිට මේ අභියෝගයට මුහුණ දීමට, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැණිමට අප ඉදිරියේ තිබෙන උපකරණ මෙවලම් යන ක්‍රමවේද මොනවාද සහ ඒවා ඇතුලත මේ වෙළඳ ගිවිසුම් හා මේ වාද විවාද සහ පෙලපාලි වලට භාජනය වී තිබෙන ඉන්දියාවත් සමග අත්සන් කරන්නට නියමිත කුමක් ද යන්නත් මෙහිදි මම සාකච්ඡා කරමි. අපිට තිබෙන අභියෝගය වන්නේ අපි අද මැදි ආදායම් ලබන රටකි. මැදි ආදායම් රටක් වූ විට අපේ ඵලදායිත්වය ඉහළ නැංවිය යුතු ම ය. ඒ තුළින් තමයි අපි වැඩි ආදායම් සහිත රටක් බවට පත්වන්නේ. ඒ දේ කිරීමට ප්‍රධාන හේතුව අපේ රටේ ආර්ථිකයේ ප්‍රමාණය හැටියට අපි අපනයන කටයුතුවල යෙදිය යුතුය. අපනයන කිරීම සඳහා ආනයන කටයුතුවලත් යෙදෙන්නට සිදුවේ. එහි දී අන්තර් ජාතික අගය දාමවලට සම්බන්ධවීම හැර වෙනත් විකල්පයක් නැත. මේවාට සම්බන්ධ වී අපගේ ඵලදායිත්වය ඉහළ දමාගත්තේ නැතිනම් අපි මෙතන පල්වෙන තත්ත්වයක් ඇතිවේ. ආර්ථික විද්‍යාවේදි මධ්‍ය ආදායම් උගුල ලෙස එය හදුන්වයි. වෙන ආකාරයකට කියන්නේ නම් මැදි ආදායම් රටවල් උගුලකට අසුවීමට ඉඩ තිබේ. ඒක එක්තරා ආකාරයක අභියෝගයකි. ඒ අභියෝගයේ තව ස්වරූපයක් තිබේ. පසුගිය වසර 10ට පෙර මා ආණ්ඩුවේ විශේෂඥයෙකු ලෙස වැඩකරන කාලයේ අපේ අපනයන හා ආනයන එකතුකර දළජාතික ආදායමෙන් බෙදූ කළ, ඒ කාලයේ 75%ක් වගේ අගයක් තමයි තිබුනේ. අපි ඒකට වෙළඳ අනුපාතය කියමු. ඒක බොහෝ රටවල කථාවන කාරණයකි. අපේ තරගකාරි රටක් වන වියට්නාමයේ ඒක 100%කටත් වඩා වැඩි ය. දැන් අපේ ඒ අනුපාතය 53%ට පහත බැස ඇත. අපි ආනයනය කරන බව සියලු දෙනාටම පෙනෙන්නට තිබේ. අපි පාරේ ගමන් කරන විට වාහන එවැන්නකි. ඒ වගේම අපේ අපනයනය දෙස බලන විට එය ඉතා සීග්‍රයෙන් අඩු වී ඇත. එය 10%ට වගේ ප්‍රමාණයකට පහත බැස ඇත. දැන් ඒක වැඩිකර ගතයුතුව ඇත.

මේක වැඩිකරන්නට තියෙන එකම ආකාරය තමයි අපේ ඵලදායිත්වය ඉහළ නැංවීම. ජාත්‍යාන්තර වෙළඳපොලේ අද අපිට කෝටා නැත. අපි අඩු මිලට වැඩි අගයක් හා වැඩි ප්‍රමිතියක් තිබෙන භාණ්ඩ හා සේවා අලෙවි කිරීම තුළින් තමයි ජාත්‍යාන්තර වෙළඳපොල ජයගන්නට පුළුවන් වෙන්නේ. එහි කේන්ද්‍රිය දේ තමයි ඵලදායිත්වය. ඵලදායිත්වයට ආර්ථික විද්‍යාවේ දී අපි පිළිගන්න දෙයක් තමයි තරගකාරිත්වය අවශ්‍ය ය. තරගකාරි බව අපි අපනයනය කරන විට මුහුණ දෙන්නට වන දෙයකි. ඒ වගේ ම අපේ රට ඇතුලෙත්, අපේ සේවා හා භාණ්ඩවලට හොඳ තරගකාරිත්වයක් තිබුණොත් තමයි අපිට ඒ දිරිගැන්වීම සිදුවන්නේ. ඒ වගේම තමයි තව එක දෙයක් තිබේ. අපේ රැකියා පිළිබඳ නිල ලේඛණ බැලුවොත්, අපේ විරැකියා තත්ත්වය නරක නෑ කියලා කෙනෙකුට කියන්නට පුළුවන. නමුත් අපි කවුරුත් දන්න දෙයක් තමයි අපේ තරුණයින්ට අවශ්‍ය විදියේ රක්ෂාවල්, ඉහළ ගුණාත්මක බවෙන් යුතු රක්ෂාවල් තිබුනොත් තමයි ඒ දිරිගැන්වීම ලැබෙන්නේ. ඒ වගේම තව එක දෙයක් තමයි අපේ තරුණ තරුණියන් ඉල්ලන්නේ අව්වට වේලෙන්නේ නැති. වැස්සට තෙමෙන්නේ නැති රක්ෂාවන් ය. එවැනි රක්ෂාවල ප්‍රශ්නයක් තිබේ. ඒ යටතේ තමයි පවතින ආණ්ඩුව මැතිවරණ ප්‍රකාශනයේ රැකියා දශ ලක්ෂයක් උත්පාදනය කරන බව කී විට ඒ ගැන මා අවධානයක් යොමු කළේ. මක්නිසා ද යත් එය ගුණාත්මක වශයෙන් හොඳ ඉහළ ප්‍රමිතියෙන් යුතු රැකියා තමයි නි්මාණය කළ යුත්තේ. එතකොට මේක හදන්නටත්, අපි සේවා සහ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි. ඒක තමයි අපි ඉදිරියේ ඇති අභියෝග ය. අපිට අවස්ථා තිබේ. ඒ අවස්ථාව තමයි ඒ දිනවල අකර්මන්‍යව තිබු බෙංගාල බොක්ක ප්‍රදේශය දැන් පුදුමාකාර ආකාරයට සක්‍රිය වීම. පරාක්‍රමබාහු රජුගේ කාලයෙත් ඔය බෙංගාල බොක්ක හරහා ඔය වෙළඳාම විශාලවට තිබුණි. ඒ වගේම අද මියන්මාරයේ, මගේ වැඩ කටයුතු තිබෙන නිසා මා නිතර එහෙ යන එන කෙනෙක් ලෙස එය ඉතාම සීග්‍රයෙන් ජාත්‍යාන්තර වෙළඳපොලට ඇතුලත්වන රටකි. එහි විශාල ආර්ථිකයක් ඇත. බංගලී දේශය ඉතා දුප්පත් රටක් යැයි අපි සිතා සිටියෙමු. ඒ අය අපිව ක්‍රිකට් වලින් පැරැද්දුවා පමණක් නොව ඒ අය අර්ථික වශයෙන්ද විශාල ජවයක් ඇතිව 6%ක 7ක වර්ධන වේගයක් හැම වසරකම පවත්වාගෙන ඉදිරියට පැමිණේ. එතකොට යහපත් ආර්ථික අවස්ථාවක් ලෙසට මේ බෙංගාල බොක්ක ප්‍රදේශය අද ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති බව පැහැදිළිව පෙනෙන්නට තිබේ. ඒ බොක්කේ දොරටුව තිබෙන්නේ ලංකාව හරහා ය.

ඒ නිසා අපිට විශාල අවස්ථාවක් තිබෙනවා මේකෙන් ප්‍රයෝජනයක් ලබාගන්නට. මම එතන දී ඇතුලත් කරනවා 7%ක අටක, දහයක, වර්ධනයක් ඇති ලෝකයේ විශාල ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාව ද මේ සමීකරණයට මා ඇතුලත් කිරිමට කැමතියි. එතකොට මේ අභියෝගයට මුහුණ දෙන්නට නම් අපි සේවා අංශය සහ කර්මාන්ත අංශය දියුණු කළ යුතු ය. ඒක දියුණු කිරීමට නම් අපි අන්තර් ජාතික අගය ජාල, නැත්නම් වැලියු චෙන් කියන ඒවාට සම්බන්ධ විය යුතුව තිබේ. ගෝලීය අගයදාම යන්නෙන් අඳුන්වන්නේ යම්කිසි දෙයක් නිෂ්පාදනය කරනවා නම්, දැන් උදාහරණයක් වශයෙන් ගතහොත් මේ මොබයිල් ෆොන් එකක් ගතහැක. මේවා ලෝකයේ බොහොම අලෙවි වන භාණ්ඩ ය. මේක මොන රටේ හැදුවා ද යන්න කිසි කෙනෙකුට අද කියන්නට නොහැක. මේකේ කවරය එක රටක, මේක ඇතුලේ තිබෙන චිප්ස් තව රටක, ටෙම්කේ බැටරී තව රටක. මේකේ ඩිසයන් එක තව රටක. මේවා එක එක තැන්වලින් එකතු කරලා තමයි හදලා තිබෙන්නේ. මේක හොඳ උදාහරණයක් ගෝළිය සැපයුම් දාමයට. අද තියෙන විශාල ඇගලුම් අයතන කරන්නේ ද ඒකම ය. සිප් එක එක රටක, ඩිසයින් එක කරන්නෙ තව රටක, රෙදි හදන්නේ තව රටක. අපේ රටේ තමයි මුළු එකම එකතුකර අවසන් කරන්නේ. ඒකට තමයි ගෝලිය සැපයුම් දාම කියන්නේ.

ගෝලීය සැපයුම්දාම වලට අපි ඇතුලත්විය යුතු ය. ඇතුලත් වෙනවා නම් නෛතික සථාවර භාවයක් හා රාමුවක් තිබිය යුතු ය. ඒත තමයි ප්‍රශ්නය. ඒ නෛතික රාමුව නැත්නම්. ඒ සමාගම් ඒක අවදානමක් හැටියට දකිනවා. මේ නෛතික රාමුව නැති අවිනිශ්චිත තැනකට නොහොම ද අපේ සැපයුම් දාමයේ මේ කොටස් ඒ අයට දෙන්නේ කියන ප්‍රශ්නය ඒ අයට ඇති වේ. මක්නිසා ද එතන නීති රිති වෙනස් වුවහොත්, බදු දෙගුණ වුවහොත්, ලාභාංශ පිටරට ගෙනියන්නට නොහැකිවන ලෙස නීතිය වෙනස් කලොත්. ඉඩම් අයිතිය පිළිබඳ නීතිය වෙනස් කලොත්, ඒ අයගේ කටයුතු ඉදිරියට කරගන්නට බැරිවෙනවා සහ ඒ බලපෑම මුළු සැපයිම්දාමය තුළම අවහිරතාවයක් ලෙස ඇතිවේ. ඒ මගින් තම නිෂ්පාදන ක්‍රියාව දුර්වල වෙනවා. මෙය ඉතාමත් කාර්යක්ෂම වෙන්නට නම් මේ හැම කොටසම වැඩකරන්නට අවශ්‍ය ය. දම්වැලක් කියන විට දම්වැලේ ශක්තිය යනුවෙන් හඳුන්වන්නේ එහි දුර්වලම පුරුක ය. එවිට ඒ අය රටකට යන්නේ ඒ රටේ දුර්වලම පුරුක නොවන ආකාරයට තමයි ඒ අය ආයෝජනයට යන්නේ. ඔය තත්ත්වය යටතේ මෙ නෛතික තත්ත්වයට අපි විසඳුමක් දිය යුතු ය. දැන් මේ විෂය හදාරන අය මා ඇතුළු අපි දන්නවා මේකට තියෙන හොඳම විසදුම ලෝක වෙළඳපොල යටතේ සියලුම රටවල් එකතු වි හදා ඇති ගිවිසුම් බව.

ඒක අපි පිළිගනිමු. ලංකාවත් මේ ගිවිසමට ඇතුලත් වුනා 1995-98 වගේ කාලයේ. මම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වැඩකරන කාලයේ, ඒක කවුරුත් පිළිගන්නවා ලංකාවේ දියුණුවක් පේන ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රයේ මම වැඩකරන කාලයේ ඒ ගිවිසුම අපි පාවිච්චි කළේ ය. අපි යන යන තැන පනතත්, ඒ ගිවිසුම සමග අරගෙන ගියෙමු. මක්නිසා ද යත්, අද සමහරු ඉදිරිපත් කරනවා මේ සේවා ගිවිසුම් අලුත් දෙයක් හැටියට ය. සේවා ගිවිසුම් ලෝක වෙළඳ ගිවිසුම යටතේ 98 සිට ලංකාවේ වලංගුව පැවතින එකකි. ඒ කියන්නේ අපේ විදුලි සංදේශ සේවාම, අපි මේ තත්ත්වයට ගෙනාවේ ආයෝජන ගෙනල්ලා, විදේශ නිළධාරීන් විශේෂඥයින් ගෙනල්ලා තමයි මේක කළේ. අද අපේ සමාගම්වල බැලුවොත්, ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරීන් අපේ අය. නමුත් ඒ දවස් වල ප්‍රධාන විධායක නිලධාරියෙක් නාමිකව හිටියේ. ගාමිණි ගුණවර්ධන මහතා හිටියා එක බලපත්‍රලාභි සමාගමක ප්‍රධාන විධායක නිලධරියා හැටියට. නමුත් ඒ පොඩි සමාගම්වල හැර මේ ලොකු ජංගම දුරකථන සමාගම්වල ඒ දවස්ව එවැනි අය සිටියේ එක්කෙනයි. ඒ තමයි ආචාර්ය හාන්ස් විජේසුරීය. අද ඩයලොග් ආයතනයේ ප්‍රධානියා ලෙස ඉන්නෙත් ඔහුයි. නමුත් අද ලංකාවේ අය තමයි මේ සියල්ල කරන්නේ.

එතකොට මේ සේවා ගිවිසුමක රාමුව ඇතුලේ තමයි අපි ඒ කටයුතු ඒ දවස් වල කළේ. ඒකෙන් පෙනෙන දෙයක් තිබේ. ඒ දේ තමයි ලංකාවේ මේ ගැන කථාකරන අය දන්නේ නෑ සේවා ගිවිසුම් යටතේ කටයුතු කරලා අත්දාකීම් අපිට තිබෙන බව. ඒක අවධාරණය කළ යුතු ය. සමහරෙක් යම් ප්‍රමාණයකට භාණ්ඩ ගිවිසුම් ගැන දනිති. භාණ්ඩ ගිවිසුම් කී කළ එය ටිකක් සරළ දෙයකි. භාණ්ඩවලට තීරුබදු 75%ක් තිබ්බොත්, අපි කියනවා තීරු බදු 30% ක් අඩු කළයුතු බව. ඒ ආකාරයට 5%ක් දක්වා වන ලෙසට අඩුකරන්නට යැයි යනාදි ලෙස අපිට කිවහැක. ඒක තමයි 50 ගණන්වල සහ 60ගණන්වල කළේ. භාණ්ඩ සම්බන්ධයෙන් එය කළ හැක. නමුත් ඒකත් දැන් භාණ්ඩවලට එච්චර වැදගත් කමක් නැත. මක්නිසා ද යත්, දැන් තීරුබදු ඉතාමත් පහත් මට්ටමක තිබෙන්නේ. ලෝකය වර්ධනය වෙන්නට, වර්ධනය වෙන්නට අපි තේරුම් අරන් තිබෙනවා. කෘතිම බාධක මේ තීරු බදුවලින් නොව මේ ඵලදායිත්වය ඇති වෙන්නේ කියලා. ඒ නිසා භාණ්ඩ වලට අයකරන තීරුබදු අද තිබෙන්නේ ඉතා පහළ මට්ටමක ය. වෙළඳ ගිවිසුම් ඉදිරියට එන්නේ ඒ තත්ත්වය තුළ ය. මී ළග කොටසෙන් ගිවිසුම් ගැන කථා කරමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *