බංග්ලාදේශ මහ බැංකුවේ ඩොලර් මිලියන 951ක් ශ්‍රී ලංකාව නිසා බේරෙයි

බංග්ලාදේශ මහ බැංකුවෙන් සොරකම් කිරීමට ගිය ඩොලර් මිලියන 951ක් රැකගැනීමට ශ්‍රී ලංකාවේ බැංකුවකින් නිසි කලට සිදුවූ අනතු ඇගවීම නිසා හැකිවූ බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි . මෙම මුදල් වෙනත් රටවල ගිණුම් වලට මාරුකොට තිබු නමුත් එම ගනුදෙනු අවලංගු කොට මුදල් ආපසු ගැනීමට හැකිවී තිබේ . කොළඹ බැංකු ශාකාවකට ඒවා තිබු ඩොලර් මිලියන 25ක් සම්බන්දයෙන් ශ්‍රී ලංකාවේ බැංකුවක් අනතුරු ඇගවීම නිසා මෙම මහා හොරකම හෙළිදරවු වීය .

කෙසේ වෙතත් පිලිපීනයට යවා තිබු ඩොලර් මිලියන 81ක් ආපසු ලබාගත නොහැකි වී ඇත .එම මුදල් ගිණුම් කිහිපයකට මාරුකොට අවසානයේ චීන ජාතිකයකු විසින් ලබාගෙන ඇති බව හෙළිදරවු වෙයි .

මෙම මුදල් සොරකම වලකාගනීමට නොහැකිවීම ගැන වගකීම භාරගෙන බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉල්ලා අස්වී ඇත .

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දුන් උපදෙස් මත මෙරටට එන විදෙස් මුදල් ගැන මෙරට බැංකුව පරීක්ෂාවෙන් නොසිටින්නට තවත් ඩොලර් බිලියන ගණනක් සොරකම් කරන්නට පරිගණක හැකරුන්ට අවස්ථාව ලැබෙන්නට ඉඩ තිබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *