පාස්කු පරීක්ෂණ කොමිසමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීට අපරාධ චෝදනා ; රනිල් නිදහස්

පාස්කු ඉරිදා කතෝලික පල්ලිවලට සහ කොළඹ  හෝටල්වලට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පරීක්ෂා කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම එම ප්‍රහාරයට ඉඩ ලබෙන පරිදි ආරක්ෂාව දුර්වල කිරීම සම්බන්ධයෙන් හිටපු ජනා ධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නිර්දේශ කොට ඇත. ඒ සඳහා සුදුසු නීතිමය ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීමට නීතිපතිවරයාට භාර දීමට ද එම නිර්දේශ මගින් උපදෙස් දී තිබේ.

ප්‍රහාරය සිදුවීම ගැන වග කිවයුතු අනෙකුත් නිලධාරීන් සහ බලධාරීන් ගැන ද වාර්තාවේ සඳහන් ය.

මෙම වාර්තාවේ නිර්දේශ මගින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු වරදකට වරදකරු කොට නැතත් , තමා  ආරක්ෂක මණ්ඩලයට නොකැඳවීම ගැන පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට පැමිණිලි නොකිරීම ගැනත්, මුස්ලිම් අන්තවාදය ගැන ලිහිල් ප්‍රතිපත්තියක සිටීම ගැනත්  ඔහුට දොස් පවරා  ඇත.

අද දින පාර්ලිමේන්තුවට ලැබුණු එම වාර්තාවේ උපුටන හරීම් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් අන්තර් ජාලයට එක කොට තිබේ. එමගින්  මෙම කරුණු හෙළිදරවු වෙයි.

2019 සැප්තැම්බර් 22 දා මෙම ජනධිපති පරීක්ෂණ  කොමිසන් සභාව පත්කරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ම ය. රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ සහ කතෝලික ප්‍රජාවේ බලවත් විරෝධය සමනය කිරීම සඳහා මෙමා පියවර  ගැනීමට සිදුවීය. දැන් හිටපු ජනාධිපතිවරයා අපරාධ චෝදනාවකට වරදකරු බව කියන්නේ ඔහු ම පත්කළ කොමිසම විසිනි.

මුස්ලිම් අන්තවාදී සංවිධාන මෙන් ම බොදු බල සෙනා  සංවිධානය ද ගැටුම්වලට වග කිව යුතු බව ද වාර්තා වේ සඳහන් වෙයි.

මෙම කොමිසන් සභා වාර්තාව ජනාධිපතිතුමාට භාර දී තරමක කාලයක් ගත වුව ද එය හෙළිදරවු කළේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැත. ඒ ගැන රදගුරුතුමා සහ කතෝලික ප්‍රජාව දැඩි විරෝධය පල කලේ ය.

අද දින එම වාර්තාව කතානායක වරයා වෙත යවා  ඇති අතර එහි පිටපතක් පාර්ලිමේන්තු පුස්තකාලයට ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *