ඉම්රාන් ඛාන් හකීම්ට සහ බදූර්දීන්ට දුන් සාකච්ඡා අවස්ථා අන්තිම මොහොතේ අවලංගු කරලා

 

මෙරට දෙදින නිල සංචාරයක නිරත වන පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී සාකච්ඡා කිරීම සඳහා මෙරට ප්‍රධාන    මුස්ලිම් පක්ෂ නායකයින් දෙදෙනෙකු වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදූර්දීන් යන මහත්වරුන්ට ලබාදී තිබුණු වේලාවන් අවසන් මොහොතේදී අවලංගු කර ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදූර්දීන් මහතා පසුගිය සතියේදී මෙරට පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාලය හරහා මෙසේ ඉම්රාන් ඛාන් මහතාව හමුවීමට ඉල්ලීම් කර තිබුණු අතර ඔවුන්ට ඒ සඳහා වේලාවන් වෙන්කර දීමට ද තානාපති කාර්යාලය කටයුතු කර තිබිණි.

නමුත් අවසන් මොහොතේදී එම සාකච්ඡා අවලංගු කෙරුණු බව මෙරට පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාලය ඔවුන්ට දැනුම් දී ඇති බව සඳහන්.

මේ අතර ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් උපහාසාත්මකව පවසන්නේ ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ        කාලසටහන් පවා චීනය විසින් සැලසුම් කර ඇති බවකි.

LANKANEWSWEB

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *