කොවිඩ් ආසාදිතයෝ 518 ක් අදත් සොයා ගැනෙති ; සමස්තය 80,000 ට ළඟාවෙයි

කොවිඩ් ආසාදිතයින් 518 දෙනෙකු අදත් අලුතින් හඳුනාගත් බව රජයේ නිල සංඛ්‍යා අනුව වාර්තා වෙයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 79,998 ක් වශයෙනි.

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 76,322 ක් ලෙස සටහන් වෙයි.

කෙසේ වෙතත් ,මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරෙන්ගේ සංගමය කියන්නේ ක්ෂේත්‍රයේ දී තමන්ට දක්නට ලැබෙන රෝගීන් සහ මරණ  සංඛ්‍යාව රජය නිල වශයෙන් ප්‍රකාශ කරන සංඛ්‍යාවට  වඩා බොහෝ වැඩි බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *