|

ඩුබායි බැංකුවේ තැන්පතුවල සැගවූ මුදල් ගන්න ඇමෙරිකානු රජයේ සහය

ශ්‍රී ලංකාවේ තැන්පත්කරුවන් විසින් ඩුබායි හි බැංකුවක පවත්වාගෙන යන ඩොලර් බිලියන ගණනක මුදල් සහිත තැන්පතු අටක මුදල් මෙරටට යලි ලබාගැනීමේ ක්‍රියා මාර්ග සදහා ඇමෙරිකානු රජයේ ආධාර හා උපදෙස් ලැබී ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි . ඒ අනුව ශ්‍රී ලංකා රජය ගන්න ක්‍රියා මාර්ගයන්ට සහය දැක්වීමට ඩුබායි පාලනය හා බැංකුව එකග වී ඇත .

කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන් සතු ගිණුම් එක එකක් ගැන වෙන වෙනම කරුණු දක්වන ලෙස ඩුබායි බැංකුව රජයේ නියෝජිතයන්ගෙන් ඉල්ලා ඇති බව කියති . ඒ පිලිබදව සාකච්චා කිරීම සදහා ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් ඩුබායිහි සංචාරයක නිරතව සිටින බවද දැනගන්නට ඇත . මෙම කටයුතු ඉතා රහසිගතව පවත්වාගෙන යාමට ඔවුන් උත්සහ දරන බවද කියති .

තැන්පතු එකක හෝ කිහිපයක මුදල් මුලදී හෙළිකරගෙන මෙරට ලබාගැනීමට අවස්ථාව උදාවී ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . සියලුම ගිණුම් ගැන කටයුතු කිරීමට තවත් කාලයක් ගතවනු ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *