“සහනාධාරය පෙන්වා ආණ්ඩුව ගොවියෙකුගෙන් රුපියල් දහ දාහක් කොල්ල කන්න හදනවා ; අපි වී දෙන්නේ නැහැ” – ගොවීහු කියති

 

ආණ්ඩුව  ඉල්ලා සිටින ආකාරයට වී කිලෝ 1000 ක් ආණ්ඩුවට  දුන්නොත් තමන්ට රුපියල් දහ දහසක පාඩුවක් සිදුවන බවත්, මෙය සහනාධාරය පෙන්වා ගොවි ජනයා  කොල්ල කෑමක් බවත් , වී ගොවීහු පවසති. එබැවින් රජයට වී නොදෙන බව ඔවුහු ප්‍රකාශ කරති.

නාඩු වී කිලෝවක් සඳහා රජය ගෙවන්නේ රුපියල් 50 ක මිලකි. මෝල් හිමියන් කමතට පැමිණ වී ගන්නේ රුපියල් හැටක් හෝ ඊට වැඩි මිලකට ය . රජයට වී දුන්නොත් එක වී කිලෝවකින් පාඩුව රුපියල් දහයකි. ආණ්ඩුව ඉල්ලා සිටින ලෙස වී කිලෝ 1000 ක් දුන්නොත් එක ගොවියෙකුට සිදුවන පාඩුව රුපියල දහ දාහකි( 1000ෂ් 10 ). ආණ්ඩුව මේ හදන්නේ ගොවියකුගෙන් රුපියල් දහ දාහ බැගින් කොල්ල කෑමට බව ගොවීහු කියති. ඔවුන් කියන්නේ පොහොර සහනාධාරය නොලැබුනත් මෙම මිලට වී දිය නොහැකි බව යි.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියන්නේ එක ගොවියකුගෙන් වී කිලෝ 1000 ක් ඉල්ලීම කැබිනට් තීරණයක් බවයි . පොහොර සහනාධාරය කපන බව තමා  කියා නැති බවත්, කියා ඇත්තේ වී කිලෝ දහසක් නොදෙන අයට පොහොර ගන්නට වෙන්නේ මිටියක් රුපියල් 4000 බැගින් බව යි යනුවෙනි. ඒ කියන්නේ ද ඔවුන්ට පොහොර සහනාධාරය නොලැබෙන බව යි.

ගොවීන් කියන්නේ පොහොර සහනාධාරය නැති වුණත් ආණ්ඩුවේ මිලට සහල් දිය නොහැකි බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *