“ආණ්ඩුවට වී නොදුන්නොත් පොහොර සහනාධාරය කපනවා ” – පොහොට්ටු දේශපාලනඥයෝ ගොවීන්ට තග දමති

 

ආණ්ඩුව නියම කොට ඇති පාලන මිලට ආණ්ඩුවට වී ලබාදිය යුතු බවටත්, එසේ නොකරන ගොවීන්ගේ පොහොර සහනාධාරය කපා හරින බවටත්, රජරට පොහොට්ටු  දේශපාලඥයෝ ගොවි ජනතාවට තර්ජනය කරමින් සිටිති.

පොළොන්නරුවේ රොෂාන් රණසිංහ ඇමතිවරයා ගොවීන්ට නියම කොට ඇත්තේ සෑම ගොවියකු ම වී කිලෝ සියයක් රජයට ලබාදිය යුතු බවට ය. එසේ නොකරන ගොවීන්ගේ පොහොර සහනාධාරය කපා හරින බවට තර්ජනය කොට ඇත.

රට පුරා විශාල සහල් හිගයක් මේ වනවිට පවතින අතර මෝල් හිමියෝ ගොවීන්ගේ කමතට ම ගොස් වී මිල දී ගන්නේ කිලෝව රුපියල් 60 ට වැඩි මිල ගණන් වලට ය. රජය ගෙවන සහතික මිල නාඩු  වී කිලෝවකට රුපියල් 50 ක් සහ සම්බා කිලෝවකට රුපියල් 52 කි .

ගොවීන් කියන්නේ මෙම අඩු මිලට රජයට වී ලබාදිය නොහැකි බව යි.

වී සඳහා රජයේ සහතික මිලක් නියම කිරීමේ අරමුණ වුයේ මෝල් හිමියන් අඩු මිලට වී ගැනීම වැලක්වීමයි. දැන් සිදුව තිබෙන්නේ ගොවියාට වෙළෙඳපොලේ මිල නොදීමට සහතික මිල යොදාගැනීම යි.

ගොවියාට සහන දීමට ආරම්භ කළ පොහොර සහසාධරයා ද ගොවියා සුරාකෑමට යොදාගැනීමක් මේ වනවිට සිදුවෙමින් පවති යි.

මේ වනවිට නාඩු සහ සම්බා සහල්වල දැඩි හිගයක් වෙළෙඳ පොලේ පවතියි. වෙළෙඳපොලේ ලබාගත හැකි වී තිබෙන්නේ රුපියල් 150 ට වඩා ඉහළ මිල ගණන්වලට විකිනෙන සුපිරි සහල් වර්ග පමණකි.

වෙළෙඳ පොළ පාලනයට අසමත් වී ඇති ආණ්ඩුව දැන් ගොවියාට තර්ජනය කරමින් ඔවුන් සුරාකෑමට ලක් කිරීමට පෙලම්බී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *