“මගේ වැඩේ මට කරන්න දෙන්න ” – ජානාධිපති විමල්ගේ කණ්ඩායමට කියයි.

තමන් ජනාධිපති ලෙස පත් වූ ජනවරම අනුව කටයුතු කරන බවත් , ඒ සඳහා සියලු දෙනාගේ සහාය තමන්ට ලබා දෙන ලෙසත් , ජානාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා,  ඊයේ තමන් හමුවීමට පැමිණි විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට ප්‍රකාශ කොට ඇත.

රජයක් පවත්වාගෙන යාමේ දී අපහසු තීරණ ගැනීමට සිදුවන බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා තමන් ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු ඉටු කිරීමට තමන් කැප වී සිටින බව ද ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපතිතුමාගේ මතය වී ඇත්තේ විමල් ඇතුළු කණ්ඩායමේ විරෝධතා වැරදි වැටහීම් නිසා ඇතිවන තත්ත්වයක් බව යි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර, ගෙවිඳු කුමාරතුංග ඇතුළු කුඩා පක්ෂ නියෝජනය කරන කණ්ඩායමක් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළේ ආණ්ඩුවේ අභ්‍යන්තරයේ මතු වී ඇති මත ගැටුම් සම්බන්ධයෙනි.

ආණ්ඩුව පවත්වාගෙන යාමට සහය දීමට විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම එකඟ වී ඇති අතර සති දෙකකට වරක් ජනාධිපති හමු වී සාකච්ඡා කිරීමට ද එකඟ වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *