අගමැති ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුව ඇමතීම කපා හැරියාට පකිස්ථානය කනස්සල්ලෙන්

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට ලබා දී තිබු අවස්ථාව අහිමි කිරීම ගැන පකිස්තාන් රජය සිය කනස්සල්ල රාජ්‍යතාන්ත්‍රික මාර්ග වලින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙය පකිස්ථාන අගමැතිවරයාට ලැබුණු ඓතිහාසික අවස්ථාවක් මෙන් ම , ගෞරවයක් ද අහිමි කිරීමක් ලෙස පාකිස්ථාන රජය සලකන බව කියති.

පකිස්ථාන අගමැතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම අවලංගු කිරීම ඉන්දියානු බලපෑම මත සිදුවූවක් බව පාකිස්ථාන රජයේ විශ්වාසය වී තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමේ දී කාශ්මීර ප්‍රශ්නය පිළිබඳව තම ස්ථාවරය ප්‍රකාශ කිරීමට පකිස්ථාන අගමැතිවරයාට තිබු අවස්ථාව අහිමිකිරීම ඉන්දියානු බලපෑමේ අරමුණ වූ බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔබ්බට ගෙනයාමට පාකිස්ථාන රජය අදහස් නොකරන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *