ගම්මන්පිලගේ තෙල් ටැංකි පවරා ගැනීමේ කතාවට අගමැති මහින්දගේ පිළිතුර – ’’පිස්සු !’’

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය යළි ශ්‍රී ලංකාවේ පාලනයට පවරා ගැනීම සඳහා ඉන්දීය මහකොමසාරිස්වරයා එකඟ කරවා ගැනීමට තමන් සමත් වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

මේ පිළිබඳව ඊයේ (19) ගැටඹේ රාජෝපවනාරාමයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූ විට අගමැතිවරයා තනි වචනයකින් පිළිතුරු දුන්නේ “පිස්සු !” යැයි කියමිනි.

උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඉන්දියාව විසින් ද ප්‍රතික්ෂේප කර තිබුණු අතර මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව සමග 2017 වසරේදී අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව එම තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනය කරන බවකි.

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *