විදුලි බිදවැටීම් ගල් අගුරු බලාගාර එකොළහේ සැලසුම ප්‍රතික්ෂේප කල නිසාද ?

මාස හයක් තුල රටපුරා විදුලි බිදවැටීම් තුනක් සිදුවුයේ විදුලි බල මණ්ඩලය තුලින් ක්‍රියාත්මක කඩාකප්පල් කාරී සැලසුමක් නිසාදැයි සැකයක් දේශපාලන නිරීක්ෂකයින් තුල මතුව ඇත . ඉදිරි වසර විස්ස තුල ගල් අගුරු විදුලි බලාගාර එකොළහක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් ඉදිරිපත් කල සැලැස්ම මහජන උපයෝගිත කොමිසන් සභාව විසින් හා රජය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතැම් විදුලි ඉංජිනේරුවන් රජය සමග කෝපයෙන් සිටින බව දැනගන්නට ඇත.

පුනර්ජනනීය බලශක්තිය වැඩිකිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වුවද ලං වි ම ඉංජිනේරුවන්ගේ සැලසුමට එම ඉලක්ක ඇතුලත් කොට නැති බව කියති .

gඅල අගුරු විදුලි බලාගාර එකොළහක් ඉදිකිරීමේ විදුලි බල මණ්ඩල සැලසුම ගැන මහජන අදහස් විමසීමකින් පසුව එය පතික්ෂේප කිරීමට මහජන උපයෝගිත කොමිසන් සභාව තීරණය කළේය . රජයද එම ස්ථාවරය අනුමත කළේය . විදුලිබල ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාස කලේ රජය අනුමත කරන්නේ ගල් අගුරු බලාගාර තුනක් පමණක් බවයි .සම්පුර් බලාගාරයට පසුව තෙවන බලාගාරයද ත්‍රිකුණාමලයේ ඉදිකිරීමට තීරණය කොට ඇත .

ලංකා විදුලි බල මණ්ඩලය රජයේ ප්‍රතිපත්තියට අනුව තවමත් තම සැලසුම් වෙනස් කොට නැති බව කියති .

විදුලි බල මණ්ඩලයේ හිටපු ප්‍රධාන ඉංජිනේරුවකු හා එම ක්ෂේත්‍රයේ විශේසඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පසුගියදා ප්‍රකාශ කළේ රටේම විදුලිය බිදවැටීම සිදුවිය හැක්කේ එක්කෝ නොසැලකිල්ල නැතහොත් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා පමණක් බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *