ජනාධිපතිට තිබූ අප්‍රසාදය යම් පමණකට සමහන් විය හැක-ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Nirmal ranjithරාජපක්ෂ විරෝධි පිලෙන් මෛත්‍රිපාල සිරිසේන කෙරෙහි පසුගිය දිනවල වර්ධනය වූ අප්‍රසාදය කිසියම් ප්‍රමාණයකට මේ ප්‍රකාශය මගින් තුනී කෙරෙන්නට පුළුවන. නමුත් තම පක්ෂයේ පරාජය සහතික කෙරුනු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ශ්‍රිලනිප නායකයින්ට ගැටළුවක් ඇතිකර තිබේ. ජනාධිපතිවරයා එක් පැත්තකින් ශ්‍රිලනිපයේ නායකයා වන අතරම අනික් පැත්තෙන් ජනවාරි 8 ලැබූ ජයග්‍රහණයේ ද නායකයා ය. මේ සංක්‍රමණීය තත්ත්වය තුළ ශ්‍රිලනිප ප්‍රතිචාරය දක්වන ආකාරය අනුව ඉදිරිමග තීරණය වනු ඇත.
ජනාධිපතිවරයාට මැතිවරණය පිළිබඳ තක්සේරුවක් ඇතිවයි මෙම ප්‍රකාශය කළේ. මහින්ද රාජපක්ෂට ආණ්ඩුබලය ලබාගත නොහැකි බවට වූ පණිවිඩයක් ජනාධිපතිවරයා දැන් රටට දී ඇත. ඒ අනුව ශ්‍රිලනිපයට වසර 5-6ක් විරුද්ධ පක්ෂයේ සිටීමට සිදුවනු ඇත. මේ නිසාම එම පක්ෂයේ කොටසක් එක්සත් ජාතික සන්ධානය සමග ඉදිරියේ දී එක්වීම වැළැක්විය නොහැක. ජනාධිපතිවරණයට පෙර කරළියට පැමිණි ජාතික ආණ්ඩු අදහස මේ නිසා ශක්තිමත් විය හැකි බව අනුමාන කළ හැක.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *