එට්කා කියන්නෙ දීර්ඝ කාලයක් කරගෙන ආව දේවල්වලට නව ප‍්‍රවේශයක්- ජාතික විද්වත් මණ්ඩලයේ සභාපති මණ්ඩල සභාපති මහාචාර්ය විමල් ගුණවර්ධන මහතා.

Prof' Wimal Gunawardanaඈත අතීතයේ සිටම ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් තිබුණ. 1977 නිමි ඇඳුම් නිෂ්පාදනයට වෙළෙඳ පොළක් ඇති වීමත් සමග අපි සම්ප‍්‍රදායික අපනයන භෝග වන තේ, රබර්, පොල් වලින් ඔබ්බට ගමන් කෙරුව. එට්කා කියන්නෙ දීඝ_කාලයක් කරගෙන ආව දේවල්වලට නව ප‍්‍රවේශයක්.

ඓතිහාසික වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ ශ‍්‍රී ලංකාවට අලූත් දෙයක් නෙමෙයි. අපේ ලංකාව රජ කාලයේ පටන් දීඝ_කාලීනව භාණ්ඩ හා සේවාවන්  ජාත්‍යන්තර මට්ටමෙන්  ලෝක වෙළෙඳපොළට ගෙනිහින් තියෙනව. ඒ නිසා මේක අලූත් දෙයක් නෙමෙයි. දීඝ_කාලයක් කරගෙන ආව දේවල්වලට නව ප‍්‍රවේශයක් අපි හැමදාම ලබා දීල තියෙනව. අපි දන්නවා අපේ මව්බිම ජාත්‍යන්තර මට්ටමෙන්, ඓතිහාසික වශයෙන්, විශාල සේවාවක් කළා වගේම, ඒ ගැන අපි කෙටියෙන් වචන කීපයක් කතා කෙරුවොත්, ඊට පස්සෙ විදේශීය ආක‍්‍රමණයන් සමග ජාත්‍යන්තර වෙළෙඳපොළට අලූත් දේවල් විදිහට තේ, රබර්, පොල් වැනි භෝග වර්ග පත්කිරීමට අපි කටයුතු කරල තියෙනව.

කාලයක් තිස්සෙ ජාත්‍යන්තර වෙළඳපොළට ඓතිහාසික වශයෙන් භාණ්ඩ ආව වගේ, භාණ්ඩ කියන දේවල්, මෙහොතක් මොහොතක් පාසා, කාලයක් කාලයක් පාසා වෙනස්වෙන දේවල්. තේ, රබර්, පොල් ආදියෙන් අපි ජාත්‍යන්තර වෙළෙඳපොළට සම්බන්ධ වෙලා ඉදිරියට යන අතර, විශේෂයෙන් මම ප‍්‍රවේශයක් හැටියට සඳහන් කරන්න කැමතියි, ප‍්‍රධාන වශයෙන් ක‍්‍රියාකාරී දෙකක් ගැන. එකක් තමයි 1947/1948 වෙන කොට ශ‍්‍රී ලංකාද්වීපය නිදහස කරා ගමන් කෙරුව, ඒ සමගම ජාත්‍යන්තර මට්ටමෙන් ඉතා වැදගත් සංවර්ධනයක් නැත්නම් ප‍්‍රවේශයක් ඇති වුණා.  ඒ තමයි 1947 දී ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් ලෝකයට අඳුන්වා දුන්නා වූ ජැට් එහෙම නැත්නම් ඨැබැර්ක ්ටරුැපැබඑ දෙර ඡු්රසැි ඔසපැ ඔර්ාැ සංවිධානය ඇති වීම. ඒ වකවානුවේදීම තමයි ශ‍්‍රී ලංකා දවීපයත් නිදහස කරා ගමන් කෙරුවෙ. මේ ගැට් සංවිධානය විසින් 1948 පටන් විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සඳහා අතදීමක් සිද්ධ කෙරුව. අපි දන්න ආකාරයට ප‍්‍රධානම ඓතිහාසික ගිවිසුම ඇතිවෙලා තියෙන්නෙ 1921දි. නමුත් 1947 දි පස්සෙ ගැට් සංවිධානයත් සමග ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සඳහා නව ජීවිනයක් ඇති වුණා.

ඒ සමගම 1947න් පසු ගැට් සංවිධානයේ මූලිකත්වය ප‍්‍රධාන පියවර 8ක් අරගෙන තියෙනව ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ ගිවිසුම් සඳහා උපරිම ශක්තිය ලබා දීම පිණිස. විශේෂයෙන්ම 8වන පියවර පැවැතුනේ දකුණු ඇමරිකාවේ උඩුක්වායිට් යන රටේ දී. එහිදී එම මතයේ දී ඇති වූ සාකච්ඡුාවල් අනුව ලෝක වෙළෙඳපොළ සංවිධානය කිරීම සඳහා උගඡුගධරැුඋදරකා ඔර්ාැ දරට්බසි්එසදබ එක ඇති වුනේ. අපි බලාපොරොත්තු වෙනව, මාර්ගයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ සංවිධානය කිරීමටත්, යම් ආකාරයකින් නව ශක්තියක් ජාත්‍යන්තර ප‍්‍රජාව ලබා දීල තියෙනව කියල.  නමුත් අපි දන්නව. අවසාන වශයෙන් මම කාරණා දෙකක් පැහැදිලි කරන්න කැමතියි අපේ තේ රබර් ආදී භාණ්ඩවලට අපි කියනව සම්ප‍්‍රදායික භාණ්ඩ කියල. සම්ප‍්‍රදායික නිෂ්පාදන කියල. අපිට අධිරාජ්‍යවාදයත් සමග ලැබිච්ච දෙයක් තමයි තේ, රබර්, පොල් ආදිය. නමුත් ජාත්‍යන්තර ප‍්‍රජාව වගේ ම අපි අද කතා කරනව තේ, රබර්, පොල් සම්ප‍්‍රදායික භාණ්ඩ කියල. නමුත් මේ සම්ප‍්‍රදායික භාණ්ඩ කියන එක ක‍්‍රමක‍්‍රමයෙන් වෙනස් වෙවී යනව. උදාහරණයක් වශයෙන් කියනව නම් විශේෂයෙන්ම 1970 දශකයෙ මුල් අවදියේ සිට දියුණුවට ගමන් කරමින් සිටින ශ‍්‍රී ලංකා වැනි රටවල් රාශියක් ජැට් සංවිධානයේ සහ උගඡුගධ  සංවිධානයේ උපකාරයෙන්, අපේ ක‍්‍රියාකාරීත්වයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට නව ප‍්‍රවේශයක් ඇති කර ගත්ත. ඒ අවස්ථාවෙදි 1977  එළඹෙන කොට ශ‍්‍රී ලංකාව තේ, රබර්, පොල් ගැන පමණක් කටයුතු නොකර නිමි ඇඳුම් පිළිබඳව නව ප‍්‍රවේශයක් හැටියට පිවිසුනා. ඒ එක්කම ශ‍්‍රී ලංකාව වගේම අනිකුත් සංවිධානය වෙමින් රටවල් එවැනි තම භාණ්ඩ, එවකට අපි කියපු සම්ප‍්‍රදායික භාණ්ඩවලින් පිටස්තරව නව දේවල් කරා යැම ආරම්භ කෙරුවෙ. නිමි ඇඳුම් සඳහා නිදහස් වෙළෙඳ කලාප සහ නිදහස් ආර්ථිකය ඇති වුනා පමණක් නෙමේ. අපිට නොයෙක් අන්දමේ වෙළෙඳ ගිවිසුම් සකස් කරගන්න පුළුවන් වුනා. ඒ නිසා තමයි අපේ නිමි ඇඳුම් සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළට ප‍්‍රවේශ වීමේ හැකියාව ක‍්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තෙ.

එම භාණ්ඩ මෙන්ම ගිවිසුම් ද ක‍්‍රමක‍්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්ත. ජාත්‍යන්තර ප‍්‍රජාවද අපි වගේ ම තම තමන්ට හැකියාවට අනුකූලව ජාත්‍යන්තර මට්ටමෙන් වෙළෙඳ පොළට පිවිසෙන්න උත්සාහ කෙරුව.  ඒ නිසා අපි දන්නවා අපේ නිමි ඇඳුම් අපිට තිබුණ වෙළෙඳපොළ තුළ ක‍්‍රමක‍්‍රමයෙන් පිරිහීමට පත් වුනා. සමහර අය හිතනවා එදා තේ රබර් වගේම අද නිමි ඇඳුම් කියන එකත් සම්ප‍්‍රදායික නොවේද කියල. ඒ ප‍්‍රශ්නය අද සමහර අය විසින් නගනව. මොකද අපි එකම භාණ්ඩය හඹා යන විට ලෝක වෙළෙඳපොළ වෙනස් වන නිසා. වෙළෙඳ පොළ කියන්නෙ භාණ්ඩයේ අවශ්‍යතාවය හා ගුණාත්මකතාවය ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස් වෙනව. අපි දන්නවා අපේ නිමි ඇඳුම්වලට පවා තියෙන තත්ත්වය  ක‍්‍රමක‍්‍රමයෙන් වෙනස් වී තිබෙන බව. අපේ තර`ගකාරීත්වය පිරිහී තියෙනව. එදා නිමි ඇඳුම් සඳහා තිබුණු තර`ගකාරීත්වය අද නැහැ.

ඒ වගේම තමයි තේ වගාව ගත්තත් විශේෂයෙන්ම අපි දන්නව කෙන්යාව, මලාවි වගේ රටවල් පිවිසීමත් සමග අපේ තේ වලට තියෙන ඉල්ලූම ක‍්‍රමක‍්‍රමයෙන් අඩුවෙලා තියෙනව. මෙවායින් මම අදහස් කරන්නෙ අපේ භාණ්ඩවල ගුණාත්මකභාවය සහ යථාර්ථය අපි වෙනස් කරන්නෙ නැත්නම් අපි වෙනත් විදිහකින් කියනව නම්, ඊට අවශ්‍ය කරන කරන වෙනස්වීමේ අවශ්‍යතාවන් කරන්නෙ නැත්නම්, ඒ භාණ්ඩය හඹා යනව නම් එය කාලයක් යන කොට පිරිහීමට පත්වෙනව. ඒ නිසා ප‍්‍රධාන වශයෙන් ප‍්‍රවේශයක් හැටියට කියන්න කැමතියි, ජාත්‍යන්තර ප‍්‍රජාව නොයෙක් අන්දමින් කියනව, ජාත්‍යන්තර වෙළෙඳ පොළ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ප‍්‍රවේශයක් තියන, තර`ගකාරිත්වයට මුහුණ දීල, වටිනාකම පල කිරීම සාර්ථකව කරන්න පුලූවන් ප‍්‍රවේශයක් ලබා දෙනව. ඒ වගේම අපිට කියනව අලූත් භාණ්ඩ, අලූත් වෙළෙඳපොළවල් හඹා යන්න ප‍්‍රවේශයක් ලබා දෙනව කියල. ඒ වගේම තාක්‍ෂණික දැනීම හා ආයෝජන හුවමාරුව මේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් අපිට ලැබෙනව කියල, වැදගත් ස්ථිරසාර රැුකියා සංවර්ධනයක් ඇති කරන්නට පුළුවන් වීම. සංවර්ධනය මෙන්ම අපිට තියෙන නැතිබැරි කම මුදවාලීමට හැකි වෙනව කියල. මේ ආදී වශයෙන් අපි පාරිභෝගිකයන් හැටියට ද, ජාත්‍යන්තර මට්ටමේ වෙළහෙළඳාම් එනකොට අපේ පාරිභෝගික අදහස්ද වැඩි දියුණු වෙමින් පාරිභෝගික වශයෙනුත් සංවර්ධනයක් ඇති වෙන බව, සේරටම වඩා රජයේ වියහිදම් අඩුවෙලා, රජයේ ආදායම් වෙනත් ජාතික සංවර්ධනය සඳහා යොමු කිරීමට හැකි වෙනවා ආදී වශයෙන් වැදගත් කාරණා 10ක් එකතු කරල තියෙනව.

මේ මොනවා වුවත් අපි දන්නව, ඒ එක්කම සෑම පාර්ශ්වයකම දෙපැත්තක් තියෙන වග. තර`ගකාරීලෙස ජාත්‍යන්තර ප‍්‍රජාවත් සමග තර`ග කරන විට අපි සකස්කර ගන්නා ගිවිසුම් අපි හරියාකාරව විග‍්‍රහ කර, ඇර්ථික ව,ශයෙන් අපිට අවශ්‍ය ආකාරයට සකස් වුනේ නැත්නම්, කණපිට පෙරළීමකුත් ඇති වෙන බව නොයෙක් විද්වතුන්ගේ මතයයි.

ජාතික සංවර්ධනයක් ඇති වීමට වෙළෙඳපොළ අවශ්‍ය බව අපිට යම් ආකාරයකින් පැහැදිලියි. නමුත් ඒ වෙළෙඳපොළ සකස්කර ගැනීමේ ජාතික සංකල්පය, ජාතියක් වශයෙන් නොබියව ඉදිරියට යන්න පුලූවන් හැටියට සකස් කර නොගතහොත් අපිට ගුණාත්මක දේවල්, ධනාත්මක දේවල් ලැබෙනව මෙන්ම රිනාත්මක දේවල්ද ලැබීමට පුලූවන්කම තියෙනව. ඒ නිසා අපි කල්පනා කළ යුතුයි විශේෂයෙන්ම 1974 න් පස්සෙ නොදියුණු රටවල් සම්ප‍්‍රදායික භාණ්ඩ ක‍්‍රමයෙන් වෙනස් වෙලා නොයෙක් අන්දමේ නිෂ්පාදිත භාණ්ඩ සහ සේවාවන් ජාත්‍යන්තර වෙළෙඳ පොළට දීම කරගෙන යනව. ඒ නිසා විශේසයෙන්ම නැගෙනහිර ආසියාතික රටවල්වල විශාල ප‍්‍රබෝධයක් සංවර්ධනයක් ඇති වෙලා තියෙනව.

අපි ජාත්‍යන්තර මටටමින් සැලසුම් සකස් කරන විට කියනව මෝරුන්, තල්මසුන් ඉන්න දියක අපි හාල්මැස්සො වගේ කියල. මම හිතන්නෙ ඒක නෙමෙයි තත්ත්වය අපි තෝරු මොරු ඉන්න දියක දුරුවල මෝර පැටව්. ඒ නිසා හාල් මැස්සෙක් නෙමයි අපිටත් පුලූවන් කම තියෙනව අපි කාර්යක්‍ෂම අන්දමින් ජාත්‍යන්තර මට්ටමට ප‍්‍රවේශවෙලා, අපේ ජාතියට ගැලපෙන අන්දමේ ව්‍යාපාරික ලෝකය දියුණු කළොත් ජාතික සංවර්ධනය හා ව්‍යවසායකත්වය දියුණු කරමින් නැතිබැරිකම දුරලීමේ ප‍්‍රවේශයක් හැටියට අපිට මේ සංකල්පය භාවිතා කරන්න පුලූවන්.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *