ධම්මික පැනිය බිවුවාට විශ්වාසයක් නැහැ ; කතානායක කොවිඩ් එන්නත ලබාගනී !

කෑගල්ලේ ධම්මික වේද මහතාගේ පැනිය නියමිත මාත්‍රාවෙන් පානය කර සිටි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත ලබා ගත්තේය.

අද (17) මධ්‍යහ්න 12 වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන තිබේ.

ඒ අතර ධම්මික පැනිය පානය කල තවත් මන්ත්‍රීවරුන් සිටින බව කියති.

කතානායකවරයා එන්නත ලබාගත් අවස්ථාවට  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද එක්ව සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *