පකිස්ථාන අගමැති පාර්ලිමේන්තුව ඇමතීම අවලංගුයි ; පැමිණීමත් අවිනිශ්චිතයි; ආණ්ඩුව ඇතුලේ ගැටුමේ ප්‍රතිඵලයක්

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට වෙන්කර තිබු අවස්ථාව අවලංගු කොට ඇති බව වාර්තා වෙයි.

ඒ මහතා 22 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුන  ද එම සංචාරය ද සිදු නොවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මුස්ලිම් රටවල් සමග යහපත් සම්බන්ධතාවයක් සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව ඇතුලේ ප්‍රබල විරෝධතාවක් මතුව තිබීමයි.

කොවිඩ් 19 මෘතදේහ ආදාහනයට ඉඩ දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය ක්‍රියාත්මක නොවීම ද මෙම ගැටුමේ ප්‍රතිඵලයක් වී තිබේ.

කොවිඩ් මෘතදේහ භූමදාන තීරණය අගමැති නොව විශේෂඥ කමිටුව ගත යුතු තීරණයක් බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීව ද , විශේෂඥ කමිටු සභාපතිනි මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය කිවේ තම තීරණය දෙසැම්බර් 28 දා ලබාදුන් බව යි.

20 වැනි සංශෝධනයට ඡන්දය ලබාගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා දුන් පොරොන්දුවක් නම් කොවිඩ් මෘතදේහ ආදාහනයට ඉඩ දීම බව  මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරු කියති.

බැසිල්ගේ  එම පොරොන්දුව ඉටු කිරීමට කෙසේවත් ඉඩ නොදීම බැසිල් විරෝධින්ගේ අභිප්‍රාය වී ඇති බව දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය යි.

මේ නිසා ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට මුස්ලිම් රටවල සහය ලබාගැනීමේ උත්සාහය ද කඩා කප්පල් වී ඇති බව කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *