අගමැතිගෙ මතය කියන්නෙ ආණ්ඩුවේ මතය නෙවෙයි – ගම්මන්පිල

messenger sharing button
කොරෝනා මරණ භූමදානය කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඔහුගේ පෞද්ගලික මතය මිස ආණ්ඩුවේ මතය නොවන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. එය කිසිසේත් ආණ්ඩුවේ මතය යැයි කිසිවෙකුත් සැළකිය යුතු නොමැති බවයි අද පැවති කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන් ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණය ගන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් බවත්, ඒ සඳහා පත්කර ඇති විශේෂඥ කමිටුව විසින් ලබාදෙන උපදෙස් මහත එය තීරණය වන බවත් අමාත්‍යවරයා පවසනවා.

භූමදානය සඳහා අවසර ලබා දෙන්නේ නම් විශේෂඥ කමිටුවේ උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත්, ඒ දක්වා දැනට ක්‍රියාත්මක සියලු මළසිරුරු ආදාහනය කිරීමේ තීරණය ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් ඔහු අවධාරණය කරනවා.

එය වෙනස් කිරීමට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හෝ මැති ඇමතිවරුන්ට හෝ නොහැකි බවයි උදය ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *