මහාචාර්ය චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ධුරයට

විෂය භාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කර ඇත.
වැඩබලන ඇමතිවරයා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ද වේ.
මේ අතර රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර තිබේ. ඔහු මින් පෙර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළේය.
රොෂාන් රණසිංහ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *