ගිවිසුම් ගහන වියට්නාමය අපිට වඩා ඉදිරියට යනවා – නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

Eran-Wickramaratne-5ඉන්දියාව ලොකු වෙළඳ පොළක් වුනාට ඉන්දියාවට යවන්නට අපිට බඩු භාණ්ඩ නැති බව සමහරුන් කියනවා මම දනිමි. ඒ නිසා මේ ගිවිසුමෙන් කොහොම ද අපි ප්‍රයෝජනය ලබන්නට යන්නේ යන්න ඒ අයගේ මැසිවිල්ල ය. ඇත්තටම ඒ අය සමඟ මට කිසිම ගැටළුවක් නැත. ඒ අය කියන එක ඇත්ත. නමුත් මා කියන්නේ මේකයි. අපි දන්නේ නෑ යනව දේ, නමුත් අවස්ථාව තියෙනවා, අපි දන්නේ නෑ මොන කර්මාන්තය ද ඇතිවෙන්නට යන්නේ කියලා. අවුරුදු සිය ගණනක් මේ රටේ ඇදුම් මහලා තිබෙන නමුත් ඇඟලුම් කර්මාන්තය ආරම්භ වූයේ වසර 30කට උඩ දී ය. අපි දැනගෙන හිටියේ නෑ එතකන් අපිට මේවගේ ජාත්‍යාන්තර ප්‍රමිතියේ ඇගලුම් කර්මාන්තයක් ඇතිකර ගන්නට පුලවන් වෙයි කියලා.

යමෙක් විශ්ව විද්‍යාලයකට යනවා නම් දැනුම ලබනවා, අපි දන්නේ නැ වසර තුනකට පසු එයින් පිට වී එන විට කොයිවගේ රැකියාවක් අපිට ලැබෙයිද කියන එක. සම්ප්‍රදායිකව සිතන විට සිතුවේ, අම්මා තාත්තා කිව්වේ විශ්ව විද්‍යාලයට ගිහින් දොස්තරකෙනෙක්, ඉංජිනේරුවෙක් වෙන්න කියා ය. මේ සම්ප්‍රදායික දේවල් තමයි අපිට කිව්වේ. නමුත් විශ්ව විද්‍යාලයෙන් පිටවන්නට යන 80%කට සම්ප්‍රදායික රැකියාවක් නැත. මම පැසැල් යනවිට රූපවාහිණියක් තිබුණේ නැත. අන්තර් ජාලයක් තිබුණේ නැත. අද අපිට ඒවා නැතුව වැඩකරන්නටවත් බෑ. අලුත් රැකියා නිර්මාණය වී ඇත්තේ. අලුත් දේවල් තමයි සිදුවී තිබෙන්නෙ. එපමණ සිඝ්‍රයෙන් ලෝකය වෙනස්වෙමින් පවති. ඒ නිසා තමයි මේ ලෝකයේ ඇතිවන වර්ධනයට අපි සම්බන්ධ වෙන්නට අවශ්‍ය ය. සම්බන්ධ වූයේ නැත්නම් නෝ හව් එක එන්නේ නැත. නෝ හව් යන්න තව ටිකක් පැහැදිළි කළහොත්, ඒ කියන්නේ අපේ අඟලුම් කර්මාන්තයක් තිබෙනවා. ඇඟලුම් කර්මාන්තයටත් වසර 30-35ක් වේ. ඊ ළඟට ලංකාවෙන් ඇතිවන කර්මාන්තය කුමක් ද? අර මෘදුකාංග කර්මාන්තය තිබෙනවා. ඒක තමයි ඊටපසු ආ එකම කර්මාන්තය. නමුත් අපි දන්නේ නෑ ඒකට පිළිතුර කුමක් ද යන්න. නමුත් ආර්ථික විද්‍යා පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා මෙවැනි දෙයක්. සාමාන්‍යයෙන් එය ගසේ සිටින වඳුරා වගේ වන බව. වඳුරා ගහේ ඉහළටම නැග්ගොතින්, ඒ ගහෙන් අනික් ගහට ඒ වඳුරට පනින්නට පුළුවන. ඒ කෙන් ඊ ළග ගහට පනිනවා. ඒ කියන්නේ අපි ඇගලුම් කර්මාන්තය ගතහොත්, ඇගලුම් කර්මාන්තයේ යම් විනයක් ඇත. යම් සංස්කෘතියක් තිබෙනවා. යම්කිසි හැකියාවන් පද්ධතියක් ද තිබේ. ඒ හැකියාවන් පද්ධතිය අනුව තමයි අපි එතනට යන්නේ. මේක කියන්නට හේතුව මේකය. දැනගැනීම කියන එක අධ්‍යාපනයට සමානකළ නොහැක. මේක මනස තුළ ඇතිවන දෙයකි. ආර්ථික වර්ධනයට බොහොම වැදගත් දෙයකි. ඒ නිසයි අපි ලබාගන්නට ඕනේ ඒ නෝ හව් ඒක.

අපට ඒක ලබාගන්නට පුලුවන් වෙන්නේ ලෝකය සමග සම්බන්දධ වීමෙනි. මම මේ පණිවිඩය දෙන්නට හේතුව මේක ය. අපි ඔය එට්කා ගිවිසුමට කොටු වී කථාකර වැඩක් නැත. අපිට මේ ගිවිසුම් තියෙන්නට ඕනේ ඉන්දියාව සමග පමණක් නොව චීනය සමග ද තිබෙන්නට ඕනේ. යුරෝපය සමග තිබෙන්නට ඕනේ. ඇමෙරිකාව සමග තියෙන්නට ඕනේ. අපිට වෙළද පොලක් නිර්මානය කරන්නට පුලුවන් ඕනේ ම රටක් සමග වෙළඳ ගිවිසුම් තිබෙන්නට පුළුවන.

පසුගිය රජය මමත්, රොහාන් සමරජීව මහතාත් ඔය ඉන්දියාව සමග තිබෙන සාකච්ඡාවට ඇදගත්තේ ය. නමුත් පසුගිය රජය සීපා ගිවිසුම අත්සන් කරන්නට වට රව්මු 16ක සාකච්ඡාවක් වසර 3ක් තිස්සේ පැවැත්වීය. ඒ අය ඒක කළේ සත්භාවයෙනි. ඇත්තටම ඒ ආණ්ඩුවේ නායකයෝ හිතුවා මේක කළෝත් රටට හොඳයි කියලා. නමුත් ඇතිවූ විරෝධය නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ රජය එදා ඒක අත්සන් තැබුවේ නැත. 2008 දී අපි ඒකට අත්සන් තැබුවේ නම් ඉන්දියාවයි චිනයයි සමග නිදහස් වෙලද ගිවිසුම් තියෙන එක රටයි එදා තිබුනේ. ඒ සිංගපුර්ව ය. අපි එදා අත්සන් තැබුවේ නම් ඔවුන් සමග අත්සන් කළ දෙවන රට වෙනවා. සීග්‍රයෙන් වර්ධනය වෙන විශාලම ආසියාවේ ආර්ථිකය සමග අපිට ඒ ප්‍රයෝජනය ලබාගන්නට තිබුණි. අපිට හැම තිස්සේම වෙන්නේ ඒක ය. අපි වාද විවාද කරනවා. අපි තීරණයකට එන්නේ නැත. අපි ඊට පසු වසර 5ක් 10ක් එය ඇදගෙන යනවා. පළමුවෙන් ම එතනට යෑම නිසා වාසියක් තිබේ. ඒ වාසිය අපි හැමවිටම මගහරිනවා. ඕක තමයි අපිට වෙලා තිබෙන්නේ. අද මොනවාද වෙලා තියෙන්නේ. ඉන්දියාව සමග වෙළද ගිවිසුම් කොරියාව ගහලා තියෙනවා. තායිලන්තය ගහලා තිබෙනවා. ඉනිදුනීසියාව. ඕනෑම රටක් කියන්න ඒ රටවලට ඉන්දියාවේ වෙළද ගිවිසුම් තිබේ. අද අපේ තරගකාරීව සිටින රටවලට ගිවිසුම් තියෙනවා. අපි තවම සාකච්ඡාවේ යනවා, ඉදිරියෙන්ම සිටින්නට තිබු අවස්ථාව මගහැරගෙන. මම කුඩා කාලයේ රෑපවාහිනියක් තිබුණේ නැත. ගුවන් විදුලියෙන් තමයි ප්‍රවෘත්ති ඇහැව්වේ. වියට්නාමය කියලා රටක් තිබෙ බව දැගත්තේ ප්‍රවෘත්ති මගිනි. ඒ ගැන දැනගන්නට වෙනත් ක්‍රමයක් නොතිබුණි. වියට්නාමය කියනවිට මට ඇසුනේ යුද්ධයක් තියෙන රටක් විධියට ය.

වසර 70ක් වියට්නාමය ප්‍රංශය සමග යුද්ධයක් තිබුණි. වසර 13ක් ඇමෙරිකාව සමග යුද්ධයක් තිබුණි. මම වසර 10කට උඩ දී වියට්නාමයට ගියා බලන්නට. වැරදි හේතුවක් නිසා මා එතන දී සතුටට පත්විය. මක්නිසා ද යත් අපි වියට්නාමයට වඩා කොතරම් දියුණු ද යන අදහසින් සතුටට පත්වීම නිසා. 1995 වියට්නාමය ලෝකයට අපනයනය කළ ප්‍රමාණය ඩොලර් ඩොලර් බිලියන 5කි. ඒ වසරේ ලංකාවෙන් ලෝකයට අපනයනය කළ ප්‍රමාණය ඩොලර් බිලියන 3.3ක් වේ. එය බොහොම ආසන්න වෙනසකි. 2014 අවසානය වනවිට වියට්නාමය ලෝකයට අපනයනය කළ ප්‍රමාණය ඩොලර් බිලියන 150යි. ලංකාව ඩොලර් බිලියන 11.5කි. මෙන්න මේකයි වෙනස. ලබන වසර 10 දී වියට්නාමය ලංකාවට වඩා ඉදිරියෙන් සිටන රටක් වන බව නොඅනුමාන ය. ලංකාවට පමණක් නොව සමහර විට ආසියාවෙන්ම ඉදිරියෙන් සිටින රටක් වෙන්නට පුළුවන. ඒක කොමියුනිස්ට් රාජ්‍යයකි. මේ සියල්ල අද බෝඞ්ලෑලි බවට පත්වී තිබේ. අපි බෝඞ් ගහගෙන එක්කෙනෙක් අනික් එක්කෙනාට මොකක් හරි කියන අතර අපි ඒක තුළත් කොටුවී සිටිමු. ඒක කොමියුනිස්ට් ආණ්ඩුවක් කියන්නේ නමිනි. කරන්නේ මොනවාද අන්තර් ශාන්තිකර සහයෝගිතා ගිවිසුමට අත්සන් තියනවා. යුරෝපය සමගත් වියට්නාමය ගිවිසුම් ගසා ඇත. මේ යුද්ධ කළ රටවල් සමග ගිවිසුම් ගහලා ඒවායෙන් අද ඒ අය ප්‍රයෝජනය ලබාගනිති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *