හිටපු කතානායක විජමු අභාවප්‍රාප්ත වෙයි

හිටපු කථානායකවරයකු, ඇමතිවරයකු මෙන් ම ප්‍රකට දේශපාලනඥයකු වූ විජම ලොකුබණ්ඩාර මහතා කොළඹ අයි ඩී එච්  රෝහලේ දී  අභාවප්‍රාප්ත වීය.

අසනීප තත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළුකර සිටි ලොකුබණ්ඩාර මහතා කොවිඩ් රෝගියකු ලෙස හඳුනා ගැනීමෙන් පසු නාරාහේන්පිට පොලිස් රෝහලට මාරුකර යවනු ලැබී ය. රෝගය උත්සන්න වීම නිසා දින කිහිපයකට පෙර ඒ මහතා අයි ඩී එච් රෝහලට මාරුකර යවනු ලැබී ය.

අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව ඊයේ රාත්‍රියේ වාර්තා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *