කොවිඩ් මෘතදේහ භුමදනයට ඉඩ දීමට නිර්දේශ කළ විශේෂඥ කමිටු වාර්තාව මාස එකහමාරක් යට ගහලා !

කොවිඩ් රෝගයෙන් මියයන අයගේ මෘතදේහ භුමදානයට ඉඩදිය යුතු යයි සෞඛ්‍ය අමාත්‍යාංශය  පත් කළ විශේෂඥ කමිටුව නිර්දේශ කොට එම වාර්තාව පසුගිය දෙසැම්බර් 28 දා සෞඛ්‍ය අමාත්‍යාංශය  වෙත භාර දී ඇතත් , මේ වනතෙක් එම වාර්තාව සහ එහි නිර්දේශ හෙළිදරවු නොකර යට ගසා  ඇති බව වාර්තා වෙයි.

වසන්ගත රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජෙනිෆස් පෙරේරා මහත්මියගේ නායකත්වයෙන් යුතු මෙම කමිටුව සාමාජිකයින් නව දෙනෙකුගෙන් සමන්විත විය.  වසංගත රෝග ක්ෂේත්‍රයේ විශේෂඥයන් වන එම  නව දෙනා ම ඒකමතිකව තීරණය කොට ඇත්තේ කොවිඩ් මෘතදේහ භුමදානයට සෞඛ්‍ය කොන්දේසි යටතේ ඉඩ දිය යුතු බව යි.

දේහය භූමදානය කරන්නේ නම් ආරක්‍ෂිත කවර දෙකක බහා  පෙට්ටියේ තැන්පත් කිරීම, පවුලේ සතර දෙනෙකුට විනාඩි පහකට දේහය බැලීමට ඉඩ දීම, ආගමික වතාවත් සඳහා එක එයෙකුට ඉඩ දීම , පැය විසි හතරක් තුළ භූමදානය හෝ ආදාහනය හෝ කිරීම , එම සියලු කටයුතු සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීම ආදිය ඒ සඳහා වූ කොන්දේසි වෙයි.

එමෙන් ම කිසිදු හේතුවක් නිසා මිනිය නිවසට රැගෙන නොයා යුතු අතර එම්බාම් කිරීමට ඉඩ දෙනු නොලැබෙයි.

මෙම කොන්දේසි  සියලු ජාතිකයන්ට සහ ආගමිකයන්ට පොදුවේ වලංගු වෙයි.

දෙසැම්බර් 28 බාරදුන් මෙම කමිටු වාර්තාව මේ දක්වා යට ගසා තිබුණු බව දැන් හෙළිදරවු වෙයි.

මෙම නිර්දේශ ලබාදුන් කමිටුවේ සාමාජිකයින් නව දෙනාගෙන් හත් දෙනෙකු ම සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරු වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *