ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී හෝ නොවිය යුතුයි – පිවුතුරු හෙළ උරුමය

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ,සමාජවාදී ජනරජයක් ලෙස වන හැඳින්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුවට යෝජනා කොට ඇත.

එම පක්ෂය යෝජනා කොට ඇත්තේ ශ්‍රී ලංකාව  ” ශ්‍රී ලංකා ජන රජය ” කියා පමණක් හැඳින්විය යුතු බවයි.

මේ ගැන අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදී  හෝ සමාජවාදී  හෝ වීම ආණ්ඩුවල ප්‍රතිපත්ති අනුව තීරණය විය යුතු බවයි. එය රජය හැඳින්වීමට අවශ්‍ය නැති බව එම  පක්ෂය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *