අද එකතු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 796 ක්

කොවිඩ් 19 ආසාදිතයින් 796 දෙනෙකු අලුතින් හඳුනාගනු ලැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත අසාදිත සංඛ්‍යාව 74,852 ක් බව වාර්තා වෙයි.

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 70,826 ක් වශයෙනි .

මෙම වාර්තා වන සංඛ්‍යාවලට වඩා වැඩි  විශාල ප්‍රමාණයක් රෝගීන් සමාජයේ සිටිය හැකි බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කියයි.

වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් අතරින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමත්, නිවසේ දී මියගිය ඇතැම් රෝගීන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් මෙම තත්ත්වය තහවුරු කරන සාධක ලෙස දක්වති.

ඇතැම් වෘත්තීය සමිති චෝදනා  කරන්නේ කොවිඩ් පිලිබඳ සත්‍ය තත්ත්වය රජය සඟවන බවට යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *