ටයිල් හා සෙරමික් ආනයන සීමා ලිහිල් කරමින් අගමැතිගෙන් තවත් ගැසට් නිවේදනයක්

ටයිල් හා සෙරමික් ආනයන සීමා ලිහිල් කිරීම සඳහා නව ගැසට් නිවේදනයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ටයිල් සහ සෙරමික් භාණ්ඩ ආනයනය ට පැවති සීමා ලිහිල් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ රෙගුලාසි අත්හිටුවමින් රජය නියෝග නිකුත් කළේ දේශීය නිෂ්පාදකයන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සමාලෝචනය කිරීමෙන් පසු බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරයාගේ නියෝග එමඟින් අවලංගු කර නැති බවද පැවසූ ඇමැතිවරයා එමඟින් සිදු කර ඇත්තේ අදාළ ගැසට් පත්‍රයේ රෙගුලාසි දෙකක් පමණක් බවද තව දුරටත් කියා සිටියේය.

අදාල ගැසට් නිවේදනය පෙබරවාරි 11 දා නිකුත්කොට ඇති බව වාර්තා වෙයි.

එමගින් විශේෂයෙන් ම නිදහස් කොට ඇත්තේ නාන කාමර සඳහා භාවිත කරන උපකරණයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *