අගමැති මහින්දව නැවත වතාවක් නොන්ඩි කරයි ; මුස්ලිම් භූමදාන තීන්දුවක් නෑ

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෑල්ලුවට ලක් කිරීමේ තවත් අවස්ථාවක් ලෙස මුස්ලිම් කොවිඩ් මරණ භුමදානයට අවසර දීමේ අගමැති තීන්දුව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි .

මුස්ලිම් කොවිඩ් මරණ පිලිබඳ තීරණය අගමැතිවරයාට ගත නොහැකි බවත් එය සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුව විසින් තීරණය කළ යුත්තක් බවත් රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළ අතර අගමැතිවරයාගේ තීරණයට විරෝධතා දැක්වීමට ද ආණ්ඩු පක්ෂයේ ම පිරිස් ඉදිරියට එනු දක්නට ලැබිණි. මේවා සැලසුම්ගතව ක්‍රියාත්මක වූ බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

මුස්ලිම් මෘතදේහ භුමදානයට ඉඩ දෙන බව අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමෙන් පසුව ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එයට පැසසුම් කොට නිවේදන නිකුත් වීය.

මෙම තීන්දුව ආණ්ඩුව විසින් ම ප්‍රතික්ෂේප කිරීමත් සමග අගමැතිවරයා ජාත්‍යන්තර වශයෙන් ම හෑල්ලු වන බව නිරීක්ෂකයෝ කියති.

ටයිල් සහ සෙරමික් ආනයන තහනම ලිහිල් කරමින් මුදල් ඇමති ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවෙදහයක් මීට පෙර බල රහිත කරන ලද්දේ රේගු නිලධාරියකු යොදා ගනිමිනි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත්  තීරණය ද මේ වනතෙක් ඉන්දියාවට හෝ ජපානයට දන්වා නැත.

මෙලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෑල්ලු කිරීමේ සැලසුම්ගත ක්‍රියාමාර්ගයක් පවතින බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *