විප්ලවය කරන තුරු සංවර්ධනය එපා නම් විදේශ ප්‍රාග්ධනය අවශ්‍ය නෑ – මහාචාර්ය කුමාර් ඬේවිඞ්

මා මේ සටහනින් කථා කKumar-David-Colombo-Telegraphරන්නේ එට්කා ගිවිසුම ගැන පමණක් ම නොවේ. එට්කා ගිවිසුම තවම අපි දැකලා නැතිවා පමණක් නොව එය කොයි ආකාරයට සකස් වෙයි ද යන්න ද අප දන්නේ නැත. ඒක සම්බන්ධයෙන් දැන් මේ රට තුළ සාකච්චා ආරම්භ වී ඇති අතර ඉන්දියාව සමග ද සාකච්ඡා ඇරම්භ වී තිබේ. එසේ ගිවිසුමකට එන්නේ නම් විය හැකි යැයි පෙනෙන දේ ගැනයි මම කථා කරන්නේ. ලංකාවේ සංවර්ධනය ගතහොත් මගේ පළවෙනි ස්ථාවරය වන්නේ ලංකාව යනුවෙන් දෙයක් නැත යන්න ය. අපි අද ලෝකයේ ඉතා කුඩා කෑල්ලක් පමණ ය. ගෝලීය දේශපාලනය හා ආර්ථික ඒකාබද්ධතාවය ඉතා වේගයෙන් ගමන් කරමින් තිබේ. ලංකාව යනුවෙන් එකක් නැතැයි කියන එක විකක් අතිශයොක්තියක් වෙන්නට පුළුවන් නමුත් ඇත්ත කථාව ඒක ය.
එසේ නම් ලෝකයේ මේ ඉතා කුඩා කෑල්ල ප්‍රාග් ධනය නැති ව අද සංවර්ධනය කරන්නට නොහැක. ඒ වගේම වෙළඳපොලක් නැති ව ද ඔය කියන සංවර්ධනය කරන්නට නොපුළුවන. කම්කරු ව්‍යාපාරය ද ඇතුළු ව ලෝකයේ විවිධ සංවිධන ද ඇතුලත්ව ඇත්ත කථාව මේක ය. සාංගමික සංවර්ධනයකට තමයි ලෝකය අද ගමන්කරමින් තිබෙන්නේ. ප්‍රාග් ධනය සොයාගන්නට අපේ ධනපති පංතියට පුළුවන්කමක් නැත. අපගේ ජාතික ඉතුරුම් අගය මේ සඳහා කිසිසේත් ම ප්‍රමාණවත් නොවේ. ඒ නිසා ප්‍රාග් ධනය ඉන්දියාවෙන් නැත්නම් වෙනත් කොහෙන් හරි ආනයනය කරන්නට සිදුවේ. එසේ නැතිව ඒ සංවර්ධනය කරන්නට නොහැක. දෙවනුව ප්‍රාග්ධනය රැස් කිරීමේ දී අර්බුද දෙකක් තිබේ. එකක් වන්නේ ගෙවුම් ශේෂ අර්බුධය වේ. අනික් එක අයවැය පියවා ගැනීමේ ප්‍රශ්නයයි. අය වැය ගතහොත්, ආණ්ඩුවට දළදේශිය නිෂ්පාදනයෙන් 10%ක් පමණයි බදු ලෙස ලැබෙන්නේ. ආණ්ඩුව යම්යම් සහන කපන්නට ගියාට ඒක කරන්නට නොහැක. මෙයින් පෙනෙන්නේ ආදායම වැඩි නොකරගෙන කිසිදෙයක් කරන්නට නොහැකි බව ය. ඒ නිසා වසර දෙක තුනක් ඇතුලත බදු වැඩිකර ගන්නට සිදුවේ.
දෙවැනි කරුණ වන්නේ තාක්ෂණ ය වේ. තාක්ෂණය හුදෙක් කාර්මික විද්‍යාල ආරම්භකර ඉගැන්වීමෙන් පමණක් අත්පත් කරගන්නට පුළුවන් දෙයක් නොවේ. ඒ සඳහා නිෂ්පාදන සහයෝගිතිවයක් තිබිය යුතු ය. එතකොට තමයි උසස් තාක්ෂණයක් අපිට ලැබෙන්නේ. මම මේ කථා කරන්නේ ධනේෂ්වර රාමුව තුළ මේ රට දියුණු කළහැකි ආකාරය වේ. මේවා සමාජවාදය හා විප්ලවයෙන් පසුව කරන දේවල් නොවන බව සිතාගතයුතු ය. මේ ධනපති ආර්ථිකයේ තිබෙන අර්බුදය හරිගස්සන එක අපේ ප්‍රශ්නයක් නොවන බව තේරුම් ගැනීම ද වැදගත් ය. ධනපති අර්බුද වැළැක්විය නොහැකි බවත්, එය අවසන් වන බවත් මාක්ස් වසර ගණනාවකට පෙර පවසා ඇත. ඒක හෙළිදරව් කිරීම විනා ඒකට විසදුම් හොයන එක අපගේ වැඩක් නොවේ.
නමුත් රාජපක්ෂට නැවත බලයට එන්නට ඉඩ නොතැබිය යුතු ය. මේ ආණ්ඩුව වැටුණොත් රට ඉතා අරාජික වෙන්නට පුළුවන සමහර විට ඒ තත්ත්වය මහින්ද රාජපක්ෂ හිටය කාලයට වඩා නරක් වන්නට ද පුළුවන. මෙතන දී කියන්නට පුළුවන් රනිල්ට මුක්කු ගහනවා යනාදි දේවල්. නමුත් ඒකට කමක් නැත. මක්නිසා ද යත් ඉන්න තැනිනුත් පහළට නොවැටී උඩට එනවා මිස අඥාන වැඩ නොකළ යුතු ය. සමහර විට රනිල් හරි පාරේ නොයන්නට පුළුවන. එය නිවැරදි මාවතට ගැනීමට සටන් කරනවා හැරෙන්නට වෙනත් විකල්පයක් දැනට පෙනෙන්නට නැත. ඒ තත්ත්වය යටතේ අපිට කල්පනා කරන්නට සිද්ධ වෙනවා ආයෝජන ගෙන්නා ගන්නට, තාක්ෂණය වැඩි දියුනු කරගන්නට, කර්මාන්ත ගෙනෙන්නේ කොහොම ද යන්න සළකා බලන්නට. මෙහි දි පළමුවෙන්ම ප්‍රාග් ධනය ගන්නට පුලුවන් කොහෙන්ද යන්න සොයා බැලිය යුතුවේ. අද බටහිර රටවල සිට ලංකාවට පමණක් නොව ලෝකයේ වෙනත් දිසාවලට ද ප්‍රාග් ධනය යන්නට කැමැත්කත් දක්වන්නේ නැත. එයට පරස්පරව සිද්ධ වෙන්නේ ප්‍රාග් ධනය බටහිරට ඇදී යෑම ය. මක්නිසා ද යත් පුදුම ආකාරයට ධනේෂ්වරය වත්මන් යුගයේ අමාරුකම්වලට මුහුණ දී ඇත. ඇමෙරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුව, ලන්ඩන් මධ්‍යම බැංකව. ජපාන මධ්‍යම බැංකුව යන ධනපති රටවල බැංකු වලට කිසිම දෙයක් කරගන්නට නොහැක. මේ බැංකුවලට පොලී අනුපාතය වැඩි කරන්නටත් නොහැක. අඩු කරන්නටත් නොහැක. ඒ නිසා විශාල අවිනිශ්චිතතාවයක් තිබේ. ලෝක ධනේශ්වරයේ ඇති ඒ අවිනිශ්චිත බව නිසයි මේ ප්‍රාග්ධනය ආපසු කේන්ද්‍රයට යන්නේ. ඒ නිසා බටහිර ආයෝජන සුළුවෙන් ආ හැකි නමුත් විශාල ආයෝජනයක් අපිට එන්නේ නැත. චීන ආයෝජන සමහරවිට ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුළුවන. චීන අයෝජන නොඑන්නට එතන ද ප්‍රශ්නයක් තිබේ. මහින්ද රාජපක්ෂලාගේ පගා ගැනීම, හොරකම් කිරීම යනාදිය ද එයට බලපා තිබේ. ඒ අය ආයෝජනය කළ ව්‍යාපෘති කරගෙන යන්නට දෙන ලෙසයි චීනය දැන් කියන්නේ. ඒ හැරෙන්නට විශාල චීන ආයෝජන එයි ද නැති ද යන්න කියන්නට පුළුවන්කමක් නැත. සමහර විට හම්බන්තොට කාර්මික කලාපයක් වැනි දෙයක් ආරම්භ කිරීමට ඉඩ තැබේ.

නමුත් ඉන්දියානු ප්‍රාග් ධනයට ලංකාවට එන්නට අවශ්‍ය ය. එතන දී අපි මතක තබාගතයුතු එක් දෙයක් තිබේ. ආයෝජනයක් යනු දෙපැත්තටම වාසි තිබෙන දෙයකි.. ඉන්දියාවෙන් පුන්‍යාධාර නොලැබේ. මේ මොහොතේ ඉන්දියානු ප්‍රාග් ධනය ඉතාමත් ආක්‍රමණකාරි වේ. ලෝක ආර්ථිකය තුළ ඉන්දියානු ආර්ථික වර්ධන වේගය 8%ක පමණ අගයක් ගනී. එය අද චිනයේ වර්ධන රේට්ටුවට වඩා 1.5% වර්ධන වේගයකි. මෙය කුඩා වැඩිවීමක් වන්නේ නමුත් වසර ගණනක් මෙය අල්ලාගෙන සිටීමේ තියෙන හැකියාව මත තව වැඩිවීමට පුළුවන. ඒ අනුව එය ඉදිරීදේ දි ලෝකයේ විශාල ආර්ථිකය වීමට බැරිකමක් නැත. දැනට ම එය ලෝකයේ හතරවෙනි විශාලම ආර්ථිකය වේ. ඉන්දියානු ධනපති පන්තිය කලාපීය වශයෙන් වේගයෙන් ආයෝජනය කරමින් සිටී. ඔවුහු නේපාලයට යන්නට උත්සාහ දරති. ලංකාව ගැන තවම බරපතල ලෙස සිතා නැති නමුත් ඒ ගැන උත්සාහ දරණ අතර බුරුමයට දැනටමත් ගොස් ඇත. ඒ නිසා ඉන්දියානු ප්‍රාග්ධනය මෙහාට එන්නට කැමති බව අපි තේරුම්ගත යුතු ය. නමුත් එන්නේ කොන්දේසි සැපිරෙන්නේ නම් පමණි. එසේ පැමිණෙන්නේ නම් එහි වාසියක් දෙපැත්තටම තිබිය යුතු ය. ඉන්දියාව මෙහාට එන්නේ කුමකට ද යන්න බොහෝ දෙනෙක් අසති. ඔවුන් මෙහාට වාසියක් නැත්නම් එන්නේ නැත. ඉන්දියාවට වඩා මෙහෙ වැටුප් ඉහළ නැත් නම් ආසනනයේ වති තිබිය යුතු ය. දැන් ඇමෙරිකානු ශ්‍රමය චීනයට යන්නේ චීනයේ වැටුප් ඇමෙරිකාවට වඩා ඉහළ නම් පමණි. නමුත් ඇමෙරිකාවට වඩා චීනයේ ශ්‍රමය ලාභ ය. එම නිසා ඇමෙරිකානු ශ්‍රමය චීනයට පැමිණෙන්නේ නැත. මේ තර්කය ලංකාවට ද අදාල ය. දැන් මැදපෙරදිගට ඉන්දියානු, බංගලි හා පකිස්තාන් යන සැම රටවලින්ම තම ශ්‍රමය විකිණීමට ශ්‍රමිකයෝ මැදපෙරදිගට ගිය හ. එයට හේතුව අඩු මිල ශ්‍රමය වූ නිසා එම ශ්‍රමයට එහේ ඉල්ලමක් තිබුණ අතරම අඩු ආදායම් රටක් හැටියට ඒ මිලට යන ශ්‍රමිකයින්ට ද වාසියක් ගෙනදුන්නේ ය. කෙසේ නමුත් මෙලෙස ශ්‍රමය ආනයනය කිරීමෙන් මැදපෙරදිග රටවල ධනපති පංතිය මෙන්ම ඒ රටවල සාමාන්‍ය මිනිසුන් වාසියක් ද ලැබුවේ ය. ලංකාව් අද ඇති ප්‍රශ්නයක් තමයි සමස්ථයක් ලෙස නොව, එක එක මට්ටමේ නිපුන ශ්‍රමය නැතිවීම. පෙදරේරූවන්, පෑස්සුම් ශිල්පීන්, වඩු කාර්මිකයින් වැනි නිපුන ශ්‍රමයට ලෝක වෙළඳ පොලේ ඉල්ලුමක් ඇත. ඒ නිසා ලංකාවේ සිටින වැඩි හරියක් තම ශ්‍රමය වැඩි මිලට විකිණිම සඳහා රටින් පිටව ගොස් තිබේ. දොස්තරලාට යන්නට පුළුවන් නම්, ඉංජිනේරුවන්ට යන්නට පුළුවන් නම් ඒ අයට යන්නට නොහැකි මන් ද? මේ නිසා ඒ නිපුන ශ්‍රමය අද ලංකාවේ හිඟ ය අපේ රටේ හිගයක් ඇති නිසා කෙටිකාලීනව එම ශ්‍රමය ඉන්දියාවෙන් එන්නට බැරුකමක් නැත. 1870 දශකයට අවධානය යොමුකළහොත් මෙය අවබෝධ කරගත හැක. වතු වගාව සඳහා ශ්‍රමිකයින් ගෙනාවේ ඉන්දිවෙන් බව අපි අමතක නොකළ යුතු ය. එකළ ද එම වැටුපට ලංකාවේ ශ්‍රමිකයින් වැඩ කිරීමට කැමැත්තක් දැක්වූයේ නැත. ඒ කාලයේ ශ්‍රම සූරා කෑම ලංකාවේ ඉතා ඉහලින් ක්‍රියාත්මක විය. මේ සූරා කෑමේ අතිරික්තයේ වාසිය ගියේ දේශිය වෙළඳ පොලට ය. ප්‍රථමයෙන් ම එහි ප්‍රතිලාභ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගලා ගියේ ය. දෙවනුව එම ප්‍රතිලාභ ඇදී ගියේ සෞඛ්‍ය ක්ෂේත්‍රට ය. වතු වගාව සඳහා ඉඩම් ගැනීම ගැන උඩරට ජනතාව අකැමැති වුණාට ඉන්දියන්කාරයෝ පන්නලා අපිට ඒ රක්ෂාව දීපල්ලා කියා කිසිවෙක් කිවේ නැත. අඩු මිල ශ්‍රමයෙන් ලබාගත් වාසිය අධිරාජ්‍යවාදින්ට සහ දේශිය සංවර්ධනය අතර බෙදී ගියේ ය.
අද තිබෙන තත්ත්වය තමයි ලංකාවේ අඩුමිල ශ්‍රමය නැතිවීම, ඒ නිසා ඇතැම් පහළ රැකියාවන් සඳහා පවා ඇබෑර්තු තිබේ. කොළඹ පමණක් නොව අනුරාධපුර පොලොන්නරුව වැනි ප්‍රදේශවලට ද මේක බලපා ඇත. කුඹුරු වැඩට පවා ඉන්දියන් ශ්‍රමිකයින් පැමිණ ඇති බවට කරන වාර්තා ඒ අනුව නිවැරදි විය යුතු ය. මක්නිසා ද යත් අඩුමිල ශ්‍රමය නැතිනම් ධනපති පන්තියට පවතින්නට ද පුළුවන්කමක් නැත. ශ්‍රම වෙළඳපොල විවෘත කරන ලෙස මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව අපිට බලකරන බව ඇතැමෙක් කියති. ඒක ඇත්ත ය. ඒක ලෝක ධනවාදයට අවශ්‍ය ය. ඒ නිසා එයට එරෙහිව කවදා හෝ අපි විප්ලවයක් කර රට සංවර්ධනය කරන්නට යන්නේ නම් ඒක වෙනම කථාන්තරයකි. එසේ කවුරුහරි සිතන්නේ නම් අපිට ප්‍රාග් ධනයක් අවශ්‍ය නැත. මම කියන්නේ එයට මෙහායින් තිබෙන කථාවකි. සංයුක්ත තත්ත්වය තුළ මගේ දේශපාලන අදහස වන්නේ මේ ආණ්ඩුව වැටෙන්නට දෙන්න නරකය. මේ ආණ්ඩුව වැටුණොත් ඇති වන්නේ ඉතාම නරක තත්ත්වයකි. ඒ නිසා අපි ආර්ථික වැඩ පිළිවෙල ගැන සාකච්ඡා කළයුතුවේ. මුලික වශයෙන් එය ධනවාදි ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් බව ද කිව යුතුව තිබේ. එම සංවර්ධනය සඳහා විදේශ සෘජු ආයෝජන අත්‍යවශ්‍ය ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *